කොරෝනාට කටුනායක ගුවන්තොටේ දොරටු වසයි

කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කර ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම කටුනායක ගුවන්තොටුපල මගින් ගෙන ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවත් ඔවුන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශවලද සහාය ඇතිව කොරෝනා වෛරසය දිවයිනට පැමිණිම පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා සදහන් කලේය.

කොරෝනා වෛරසය දිවයිනට පැමිණිම පැවැක්වීම සදහා කටුනායක ගුවන්තොටුපල මගින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද (30) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි සභාපතිවරයා මේ බව සදහන් කලේය

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කිවේය.

පසුගිය ජනවාරි 26 වන දින සිට මේ දක්වා කටුනායක ගුවන්තොටුපලට ගුවන් මගීන් 4028 දෙනෙකු පැමිණ තිබෙනවා. ඉන් 323 ක් ශ්‍රී ලංකිකයන් ඒ වගේම චීන ජාතිකයින් 1936 ක් දිවයිනට පැමිණයා අපි චීනයේ ගුවන්තොටුපල වල පැමිණෙන මගින්ට වෙනම විශේෂ පිටවීමේ ප්‍රදේශයක් ගුවන්තොටුපල තුල වෙන් කර තිබෙනවා. එම ස්ථානයේ තර්මෝ ස්කෑනර් දෙකක් යොදා කොරෝනා වෛරසය වැලදි ඇති පුද්ගලයෙකු රටට එනවාදැයි පරික්ෂා කරනවා. ඒ වගේම ඔවුන් සමග වෛද්‍ය වරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද සාකච්චා කරනවා. ගුවන්තොටුපලට එන සෙසු මගින්ගේ පරික්ෂාව වෙනම ස්ථානයක සිදුවනවා. එම ස්ථානයෙත් තර්මෝ ස්කෑනර් යන්ත්‍ර  02 ක් යොදා තිබෙනවා. පසුගිය දින කීපය තුල අපට හමුවුයේ ගුවන්තොටුපලින් පැමිණි සැක කටයුතු රෝගීන් 04 දෙනෙකු පමණයි ඔවුන් 04 දෙනාටත් කොරෝනා වෛරසය වැලදී නොමැති බව තහවුරු වුනා. කෙසේ වෙතත් චීන ජාතිකයින් මේ වන විට දිවයිනට පැමිණීම අවම වී තිබෙනවා. මෙවැනි තත්වයකදි ලෝකයේ දියුණුම ගුවන්තොටුපල වල ක්‍රියාත්මක වන ක්‍රමවේදයයි අප අනුගමනය කරන්නේ.  

සෞඛ්‍ය අමාත්‍යංශය වගේම යුධ හමුදා වෛද්‍ය වරුන්ගේද සහාය ඇතිව ගුවන්තොටුපල සේවකයින් පැය 24 පුරාම මේ පරික්ෂා කිරීම සිදු කරනවා. ගුවන් මගීන් හැර කිසිවෙකුට මේ පරියන්තයට ඇතුලු වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ එන අයත් අපි දැඩි ලෙස පරික්ෂාවට ලක් කරනවා. කොරෝනා වෛරසය පාලනය වන තුරුම අප මේ වැඩපිළිවෙල ඉදිරියටම ක්‍රියාත්මක කරනවා.

මෙරටට පැමිනෙණ ගුවන් මගීන්ට අප විශේෂ පත්‍රිකාවක් දෙනවා. විශේෂයෙන්ම මේ අයගේ සෞඛ්‍ය  තත්වය වගේ තොරතුරු අප ඒ මගින් ලබා ගන්නවා. වෛද්‍යවරුන් කීවේ කොරෝනා වෛරසය කිසිවෙකුට වැලදුනහොත් දින 14 ක් තුල ඒ ලක්ෂන පෙන්නුම් කරන බවයි. ඒ නිසා අප සෞඛ්‍ය අංශ සමග එකතුවෙලා ගුවන්තොටුපලින් දිවයිනට එන සෑම කෙනෙකු පිළිබදවම පසුවිපරමක් සිදු කරනවා. ගුවන් තොටුපලින් පිටව ගියත් සෞඛ්‍ය අංශ ඒ අය ගැන අවධානයෙන් ඉන්නවා ඒ නිසා බියක් ඇති කර ගත යුතු නැත.

චීනයේ සිට පැමිණෙන කිසිදු ශ්‍රී ලංකිකයෙකු මේ ආසාධනයට ලක්ව තිබුනේ නැහැ. ඒ වගේම චීනයේ ප්‍රධාන නගරයේ සිටින ශ්‍රී ලංකික සිසුන් විශේෂ ගුවන්යානයක් මගින් මෙරටට පැමිණියාම ඔවුන් දියතලාව සෞඛ්‍ය කදවුරට ගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඔවුන් ගෙනයනතුරු අප විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිලිවෙලක්ද අප මේ වන විටත් සැලසුම් කර අවසන්

උප සභාපති රජීව සුරියආරච්චි මහතාකටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය මේ වන විට ආරක්ෂිතයි. අපි අනියත බියක් ඇති කරගත යුතු නෑ. ගුවන්තොටුපල මගීන්ට මුහුණු ආවරණ අවශ්‍යනම් එයත් අප ලබා දීමට සැලැසුම් කර තිබෙනවා. ඒ වගේම ගුවන් තොටුපල තුල අප ශ්‍රී ලංකිකයෙකුගේම හදුන්වා දීමක් අනුව වාතය පිරිසිදු කිරීමේ උපකරණ සවි කර තිබෙනවා. ඒ නිසා ගුවන්තොටුපල තුල වාතය නිතර පිරිසිදුයි. අපි කියන්නේ අනියත බියක් ඇති කරගන්න එපා කියලයි.

ගුවන්තොටුපල වෛද්‍ය අංශ ප්‍රධානී එච්.ඩී.ඒ.එස්. ශාන්ත සහ ගුවන්තොටුපල නියෝජ්‍ය කලමණාකරු ලලිත් වීරසිංහ යන මහත්වරුද කථා කලහ.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img