පාසැල්ළමුන් ඉලක්කකල මත්කුඩුක් හැදු දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටුවෙයි

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව අළුහුණු දුම්කොල  මිශ්‍රකර සකස්කළ මත්කුඩු තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන  අංශයේ නිලධාරීන් විසින් අද 6 දින දළුපොතදී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තුවාන් රහීම් තුවාන් පෙරෝස් සහ සෙයිනුල් අබ්දින් සෙයිනුල් ඉකබාල් නමැත්තන්ය.

වියලි අළුහුණු සහ දුම්කොළ මිශ්‍රකර කුඩු වශයෙන් සකස්කර ග්‍රෑම් 5 බැගින්වූ ඇසුරුම් රුපියල් 25 බැගින් මොවුන් විසින් තොග වශයෙන් අලවිකරණ බවත් සිල්ලර වශයෙන් එක ඇසුරුමක් වෙළද පොලේ රුපියල් 50 බැගින් අලවිකරණ බවද පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණයවී ඇත.

මොවුන්ගේ ඉලක්කය  පාසල් ළමුන් බවත් ළමයින්  මතටහුරුකිරීම සදහා මෙම මත්කුඩු  යොදාගන්නාබවත් දැනගන්නට ඇත

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී ග්‍රෑම් 5 බැගින්වූ   ඇසුරුම් 200 ක් සකස්කර ඇසුරුම් කිරීම සදහා සුදානම් කරතිබූ මත්කුඩු කිලෝ 5 ක් වියලි දුම්කොළ අළුහුණු සහ හිස් ඇසුරුම් 1000 ක සහ කුඩු සකස්කිරීම සදහා යොදාගත් ඇබරුම් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මත්වීම සදහා මෙම කුඩු දිවයට තබාගන්නා බවද දිගුකලක් භාවිතකිරිමදී දිවයට තුවාල ඇතිවී පිළිකා රෝගීන් බවට මෙම මත්කුඩු  භාවිතා කරන්න පත්විය හැකිබව මෙපිලිබදව අපකල විමසීමකදී වෛද්‍යවරු පැවසිය.

මෙම අත්අඩංගුව ගැනීම  පොලිස් අධිකාරී සමන් සිගේරා  මහතාගේ උපදෙස් පරිදිකොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාවිසින් සිදුකල අතර  විමර්ශන කටයුතු සදහා  පොලිස් සැරයන් 52609 ජයතිලක පොලිස් කොස්තාපල්වරුන්වන 60490 සෙනවිරත්න  61836  ඉන්දික 37928 වන්නිනායක 82442 පෙරේරා 88441 හපුවිට 82756 ගයාන් 36449 මඩවල  යන නිලධාරීන් සහභාගිවිය

වැඩිදුර විමර්ශන වලින්පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය…

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img