පාසැල්ළමුන් ඉලක්කකල මත්කුඩුක් හැදු දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටුවෙයි

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව අළුහුණු දුම්කොල  මිශ්‍රකර සකස්කළ මත්කුඩු තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන  අංශයේ නිලධාරීන් විසින් අද 6 දින දළුපොතදී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තුවාන් රහීම් තුවාන් පෙරෝස් සහ සෙයිනුල් අබ්දින් සෙයිනුල් ඉකබාල් නමැත්තන්ය.

වියලි අළුහුණු සහ දුම්කොළ මිශ්‍රකර කුඩු වශයෙන් සකස්කර ග්‍රෑම් 5 බැගින්වූ ඇසුරුම් රුපියල් 25 බැගින් මොවුන් විසින් තොග වශයෙන් අලවිකරණ බවත් සිල්ලර වශයෙන් එක ඇසුරුමක් වෙළද පොලේ රුපියල් 50 බැගින් අලවිකරණ බවද පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණයවී ඇත.

මොවුන්ගේ ඉලක්කය  පාසල් ළමුන් බවත් ළමයින්  මතටහුරුකිරීම සදහා මෙම මත්කුඩු  යොදාගන්නාබවත් දැනගන්නට ඇත

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී ග්‍රෑම් 5 බැගින්වූ   ඇසුරුම් 200 ක් සකස්කර ඇසුරුම් කිරීම සදහා සුදානම් කරතිබූ මත්කුඩු කිලෝ 5 ක් වියලි දුම්කොළ අළුහුණු සහ හිස් ඇසුරුම් 1000 ක සහ කුඩු සකස්කිරීම සදහා යොදාගත් ඇබරුම් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මත්වීම සදහා මෙම කුඩු දිවයට තබාගන්නා බවද දිගුකලක් භාවිතකිරිමදී දිවයට තුවාල ඇතිවී පිළිකා රෝගීන් බවට මෙම මත්කුඩු  භාවිතා කරන්න පත්විය හැකිබව මෙපිලිබදව අපකල විමසීමකදී වෛද්‍යවරු පැවසිය.

මෙම අත්අඩංගුව ගැනීම  පොලිස් අධිකාරී සමන් සිගේරා  මහතාගේ උපදෙස් පරිදිකොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාවිසින් සිදුකල අතර  විමර්ශන කටයුතු සදහා  පොලිස් සැරයන් 52609 ජයතිලක පොලිස් කොස්තාපල්වරුන්වන 60490 සෙනවිරත්න  61836  ඉන්දික 37928 වන්නිනායක 82442 පෙරේරා 88441 හපුවිට 82756 ගයාන් 36449 මඩවල  යන නිලධාරීන් සහභාගිවිය

වැඩිදුර විමර්ශන වලින්පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය…

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img