ප්‍රකට බැංකුවක ATM යන්ත්‍ර වල ආරක්ෂක දෝෂ ATM යන්ත්‍ර භාවිතය ?

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදකයක් මෙහි දැක්වෙයි.

සම්පත් ATM යන්ත්‍ර වල පවතින ආරක්ෂක දෝෂ හේතුවෙන් හැකර්වරුන්ට ඔබගේ මුදල්, දත්ත වෙත ප්‍රවේශ වීමට හැකියි. එම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී පාරිභෝගිකයන් සැලකිලිමත් වන්න

දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත.

අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථ විය.

ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි පවා කතිකාවතක් ඇතිවී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් එම මුල්‍ය ආයතනයේ අවධානය යොමු නොකිරීම ඉතාමත් කනගාටුදායක කරුණකි.

මෙම මුල්‍ය සමාගමේ ATM යන්ත්‍ර සමග ගනුදෙනු කරන පාරිභෝගිකයන් විසින් එම ATM යන්ත්‍ර වලට ඇතුලත් කරන ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක දත්ත සොරාගෙන එම පාරිභෝගිකයන්ගේ මුදල් සොරාගැනීමේ හැකියාවක් පවතී.

තවද මෙම ආරක්‍ෂිත දෝෂය යොදාගනිමින් ඕනෑම පුද්ගලයෙකුට මෙම ATM යන්ත්‍රයන්ට අනිෂ්ට විධාන නොහොත් malicious commands එක්කළ හැකිය.

මෙම ATM යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක වන්නේ යල්පැනගිය Windows 7 මෙහෙයුම් පද්ධතිය මත වන අතර එයද ආරක්‍ෂිත දෝෂයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හදුන්වාදිය හැකිය.

මෙවැනි ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් මෙම මුල්‍ය ආයතන කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බැවින් මෙම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී සැලකිලිමත් වන්න කියා අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ජනතාවට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගම

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img