ප්‍රකට බැංකුවක ATM යන්ත්‍ර වල ආරක්ෂක දෝෂ ATM යන්ත්‍ර භාවිතය ?

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදකයක් මෙහි දැක්වෙයි.

සම්පත් ATM යන්ත්‍ර වල පවතින ආරක්ෂක දෝෂ හේතුවෙන් හැකර්වරුන්ට ඔබගේ මුදල්, දත්ත වෙත ප්‍රවේශ වීමට හැකියි. එම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී පාරිභෝගිකයන් සැලකිලිමත් වන්න

දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත.

අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථ විය.

ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි පවා කතිකාවතක් ඇතිවී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් එම මුල්‍ය ආයතනයේ අවධානය යොමු නොකිරීම ඉතාමත් කනගාටුදායක කරුණකි.

මෙම මුල්‍ය සමාගමේ ATM යන්ත්‍ර සමග ගනුදෙනු කරන පාරිභෝගිකයන් විසින් එම ATM යන්ත්‍ර වලට ඇතුලත් කරන ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක දත්ත සොරාගෙන එම පාරිභෝගිකයන්ගේ මුදල් සොරාගැනීමේ හැකියාවක් පවතී.

තවද මෙම ආරක්‍ෂිත දෝෂය යොදාගනිමින් ඕනෑම පුද්ගලයෙකුට මෙම ATM යන්ත්‍රයන්ට අනිෂ්ට විධාන නොහොත් malicious commands එක්කළ හැකිය.

මෙම ATM යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක වන්නේ යල්පැනගිය Windows 7 මෙහෙයුම් පද්ධතිය මත වන අතර එයද ආරක්‍ෂිත දෝෂයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හදුන්වාදිය හැකිය.

මෙවැනි ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් මෙම මුල්‍ය ආයතන කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බැවින් මෙම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී සැලකිලිමත් වන්න කියා අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් ජනතාවට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගම

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img