උපත් ආබාධ වළක්වා ගත හැකියි -ආබාධ සහිත දරුවන්ට ප්‍රශස්ත මට්ටමේ ජීවිතයක්

– සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ සහ ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න

සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේදී 26 (ඊයේ) දින පැවති සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ සහ ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සමාප්ති සැසිය සහ රටවල් 36 ක් නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රජා ක්‍රියාකාරීන්ගේ සැසිය අමතමින් විශේෂඥ වෛද්‍යවරයා මෙසේ පැවසීය.

ඇමරිකාවේ මාර්ච් ඔෆ් ඩයිම් ආයතනය, ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

“සැමට සෞඛ්‍ය: උපත් ආබාධ වැළැක්වීමට සත්කාර ක්‍රමවේද වේගවත් කරමු” යන තේමාව යටතේ පෙබරවාරි මස 23 වන දින ආරම්භ කරන ලද මෙම සමුළුවට රටවල් 36 ක් නියෝජනය කරමින් විද්වත්හු 400 ක් පමණ සහභාගී වූහ.

මෙතෙක් කොළොම්බියාව, ටැන්සානියාව, පිලිපීනය, පෝලන්තය, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල 08 හි පැවති මෙම සමුළුවේ 09 වන සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්විණ.

මෙම සැසිය අමතමින් සමුළුවේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා; මෙම සමුළුව හරහා ලෝකයට විශේෂ අවශ්‍යතා ඇති අය පිළිබඳ යම්කිසි පණිවුඩයක් ගෙනයාමට අපේක්ෂා කරන බවත්, බහුතරයක් උපත් ආබාධ වළක්වා ගත හැකි බවත්, උපත් ආබාධ සහිත දරුවන්ට ප්‍රශස්ත මට්ටමේ ජීවිතයක් ගත කිරීමට ඉඩ ප්‍රස්තා සැලසිය හැකි බවත් මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතුවන සාධක පිළිබඳව අවබෝධ කර ගෙන ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් පැවසීය.

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා; ජාන තාක්ෂණයෙන් නවීකරණය කරන ලද ආහාර රටාවකට යොමු වීම සහ රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරනු ලබන ආහාර පරිභෝජනයට මිනිසා යොමුවීමත් සමඟ උපත් ආබාධ සහිත දරුවන් බිහිවීම සහ බෝනොවන රෝගවලට ගොදුරු වීම සිදු වූ බව පැවසීය. මෙවැනි ආබාධ අවම කිරීම සඳහා අපට ආවේනික පාරම්පරික ආහාර රටාවට නැවත යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

ඉන්දියාවේ උපත් ආබාධ පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය අනීතාකාර් මහත්මිය; ශ්‍රී ලංකාව සමඟ සසඳන කල ඉන්දියාවේ උපත් ආබාධිත දරුවන් පිළිබඳව ලබා දී ඇති ප්‍රමුඛතාවය කණගාටුදායක බවත්, ශ්‍රී ලංකාව ඔවුන්ට ආදර්ශයක් බවත්,ඉන්දියාවේ නීති තිබුණද ඒවා නිසි පරිදි නිසි කරුණට අදාළව ක්‍රියාත්මක නොවන බවත් පැවසීය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව හා ලබා ගෙන ඇති ජයග්‍රහණ ගැන ඔවුන් පුදුමයට පත්වන බවත්, අවාසනාවකට ඉන්දියාවේ තත්ත්වය එතරම් යහපත් නොමැති බවත්, ඉන්දීය සමාජයේ උපත් ආබාධ සහිත දරුවන් අවාසනාව ගෙන ආ පිරිසක් ලෙස තවමත් සලකන බවත් වෛද්‍ය අනීතාකාර් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

උපත් ආබාධ පිළිබඳව ලෝකයේ සෞඛ්‍ය සංවිධානවල අවධානය යොමු කරවීම සඳහා කරුණු 15 කින්  සමන්විත කොළඔ ප්‍රඥප්තිය  එළිදැක්වීම මෙහිදී සිදු කෙරිණ. ඒ හරහා ජාත්‍යන්තරයට සහ ලෝක සෞඛ්‍ය සංවිධානවලට උපත් ආබාධ වළක්වා ගැනීම පිළිබදව දැඩි පණිවුඩයක් ගෙන යාමට අපේක්ෂා කරන බව විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක මහතා පැවසීය.

මෙහිදී උපත් ආබාධ සහිත දරුවන්ගේ දෙමව්පියන් නියෝජනය කරමින් සරෝජා දුල්ලෑව, කැළනිය විශ්වවිද්‍යලයේ ආචාර්ය  සමන්මලී සුමනසේන, නීතිඥ ලසන්ති දස්කොන්, ඊජිප්තු රාජකීය ළමා රෝග පිළිබඳ විද්‍යායතනයේ වෛද්‍ය මොනා එලන්කා, මෙම සමුළුවේ සම සභාපති වෛද්‍ය සලීමා වලානි යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත්හු රැසක් උපත් ආබාධ සහිත දරුවන් පිළිබඳව තම අත්දැකීම් පිළිබඳව කරුණු පැහැදිලි කරනු ලැබීය.

මෙම අවස්ථාවට සහභාගී වූ උපත් ආබාධ සහිත දරුවන් විසින් විවිධ ප්‍රසංග ඉදිරිපත් කරමින් මෙම අවස්ථාව විචිත්‍රවත් කරනු ලැබීය.

ඇමරිකාවේ මාර්ච් ඔෆ් ඩයිම් ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img