රුපියල් මිලියන 243 ක විදි වටිනාකමක් ඇති කොකේන් ග්‍රෑම් 4,855 සමග 59 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
ගමන් මලු හතක් තුල ඉතාමත් සුක්ෂම ලෙස කොකේන් තොගය අසුරා තිබු බවත් වැඩිදුර විමර්ශන සදහා සැකකරු සහ මත්ද්‍රවය නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙනබව් . රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසිය.
වැටලීමට සහභාගී වූ නිලධාරීන් ජායාරුපයේ වෙති






