මිගමුව නගරයේ කුලියට ගත් වායුසමීකරණය කල නිවෙසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලු මිගමුව මුලස්ථාන පොලිසිය විසින් කසිප්පු මිලි ලීටර් 337500 ගෝඩා සහ පෙරුම් උපකරණ සමග අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ සැකකරුවන් දෙදෙනකු මෙම මස 9 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා 2 දින නියෝග කළේය .
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මහනුවර රංගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු සහ පුත්තලමේ පදිංචි කරුවෙකී
මිගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් බණ්ඩාර තල්වත්ත මහතාට
ලද තොරතුරකට අනුව 2 දින අළුයම සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි





