කටුවාපිටිය දේවස්ථානය අසල පිහිටා ඇති කටාන ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ල රජය මගින් ක්‍රියාත්මක කරනුලබන ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වැඩපිළිවෙලට අදාලව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා තාවකාලිකව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට ලබාදීම සදහා වූ යෝජනාව සහ ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ රද්දොළුගම නිවාසවල පදිංචි රැකියාවිරහිත කාන්තාවන් සදහා ස්වයංරැකියා වැඩසටහනක් ආරම්භ කිරීම සදහා වූ යෝජනා කටාන ප්‍රාදේශීය සභාවේ 12 වන දින පැවති සැප්තැම්බර් මස මහාසභාවේදී වැඩි ජන්දයෙන් සම්මතවිය.යෝජනා සදහා පක්‍ෂවජන්ද 23 ක් සහ ට වීපක්ෂව ජන්ද 19 ක් ද ලැබුණි.
එමන්ම මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය නොමැතිව රුපියල් 7231012.67 ක මුදලක් ගෙවීම සදහා ඉදිරි පත්කළ යථාපරිදි කල් නොදුන් යෝජනා 5 ක් විපක්ෂයේ විරෝධතාවය හමුවේ ඉවත්කර ගැනීමට සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය තීරණය කළේය.
කටුවාපිටිය දේවස්ථානය අසල පිහිටා ඇති කටාන ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ල රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වැඩපිළිවෙලට අදාලව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා තාවකාලිකව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට ලබාදීම සදහා වූ යෝජනාව සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය විසින් සභාවට ඉදිරිපත්කරනු ලැබිය.
යෝජනාව පිලිබදව අදහස් පලකල ජෙරම් සුජිත් ජෝශප් මහතා ජාතික ජනබලවේගය මිලියන 1.6 ක් ලංකාවේ අබාධ සහිත පුද්ගලයන් සිටිනවා අපට 8.6 % ක අයිති වාසිකම් ලැබිය යුතුයි අපිට 3% ක් දෙන්න කියනවා ඒක ලැබෙන්නෙත් නෑ ඉදල හිටලා යෝජනකරනවා විශේෂ අවස්ථා ලබාදෙනව කියල එකටත් ඉඩදෙන්නේ නෑ අකුල් හෙලනවා ඒක නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේක අබාධිත ප්‍රජාවට සෞඛ්‍ය පහසුකම ලබාදෙන්න තාවකාලික පදනමකින් අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් වශයෙන් පටන්ග න්නේ මේක විශේෂ අවසථාවක් විශේෂ සිද්ධි දාමයක් සිදුවුණු තැනක්.
යෝජනා පිලිබදව අදහස් පලකල ලසන්ත දීපාල් මහතා සමගි ජනබලවේගය .අප සතු වත්කම් පළාත්සභාවට පවරා දෙන්න කටයුතු කරන්න එපා මෙතන දැනටමත් රජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් රාජකාරියේ නිරතවෙනවා පළාත් සභාවට අවශ්‍යනම් ම්හහුනුපිටිය මාතෘ සායනය තියෙන ඉඩමේ ගොඩනැගිල්ලක් හදාගන්න කියන්න. ගියවර යෝජනාවට පාස්කු වින්දිතයන් සම්බන්ධ කළා අද යෝජනාවේ පාස්කු වින්දිතයන් ගැන සදහනක් නෑ සමස්ථ අබාධිත ප්‍රජාව ගැන කතාකරනවා.
මේ ප්‍රශ්නය ගියවර සම්බන්ධිකරණ කමිටුවට ආව මාතෘකාවක් සම්බන්ධිකරණ කමිටු දිස්ත්‍රික් කමිටු තීන්දු තීරණ ගන්න තැන් නොවෙයි නිර්දේශ කරන තැන් අපට තීන්දු ගැනීමේ බලයක් තියෙනවා.
මෙතනට අබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් එන්න පුළුවන් තැනක් නොවෙයි වැහි කාලයට යටවෙනවා බ්‍රහස්පතින්දා දිනවලට දේවස්ථානයේ මංගල්‍ය කාලවලට මේ ස්ථානය ඉතාමත් ජනාකීර්ණ වෙනවා
අද ගන්න මේ තීන්දුවට විරුද්ධව ගම නැගිටිනව පලමු විරෝධය එන්නේ කටුවාපිටියෙන්
සර්ව ජනබලය පක්ෂයේ ප්‍රවීන් චමෝද මහතා අදහස් දක්වමින් අපි අකුල් හෙලන්නේ නෑ පසුගිය වර මෙම යෝජනවා ඉදිරිපත්කල අවස්ථාවේ මේ ස්ථානය පිලිබදව සොයාබලා මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසින් සමග සාකච්චා කර වාර්තාවක් ඉදිරිපත් කරන්න තිරණය කලා ඒ වාර්තාව ලබාදුන්නානම් මේ ප්‍රශ්න ඇතිවන්නේ නෑ අබාධිත ප්‍රජාව සදහා ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයකදී අපි උපරිම සහයෝගය දෙනවා නමුත් ඔය කියන ගොඩනැගිල්ල අබාධ සහිත පුද්ගලයන්ට ලගටවත් යන්න පුළුවන් ගොඩනැගිලක් නෙමෙයි අබාධිත ප්‍රජාව සදහා ගොඩනැගිල්ලක් වෙන්කරන්නේනම් එය ඔවුන්ට පහසුවෙන් යාහැකි තැනක් විය යුතුයි..
පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන චමින්ද රත්නායකමහතා මෙම යෝජනාවේ කාලයක් සදහන් කරල නෑ තාවකාලික කියන්නේ නැතිව දිනවකවානු සදහන් කලයුතුයි. මේ ගොඩනැගිල්ල මෙම ප්‍රදේශයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ සේවය මහජනතාවට එකම තැනකින් පහසුවෙන් ලබාගන්න හැදු ගොඩනැගිල්ලක් ඔබතුමිය ගියවර කියුදේ කරලා නැහැ මේ නිසා ඔබ තුමියගේ විශ්වාශය පිළිබද ගැටළුවක් තියෙනවා.
සභාපති අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය ජාතික ජනබලවේගය .
මේ ගොඩනැගිල්ල පැවරීම පිලිබදව ප්‍රාදේශීය ලේකම් තුමිය සමග , හිටපු මන්ත්‍රී චාමින්ද මහතා සමග කතාකල ඔහු මේ සම්බන්ධයෙන් ලිපියක්ද ඒවා තිබෙනවා අබාධිත පුද්ගලයන් සදහා මධ්‍යස්ථාන 100 ක රජයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ගම්පහට මධ්‍යස්ථාන 4 ක් ලැබිල තියෙනවා ඉන් එකක් කටානට ලැබුණා.
අපට චෝදනාවක් එල්ල කලා පාස්කු ප්‍රහාරය වචනය පාවිච්චි කලා කියල සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් දැනුම් දුන්නා කටුවාපිටිය ප්‍රදේශය ආබාධිත ප්‍රජාව සිටින ප්‍රදේශයක් ලෙස හදුනාගෙන ඇතිබවත් එම නිසා ඔවුන්ටත් සහන සැලසීමට මෙය කටුවා පිටිය ප්‍රදේශයේ පිහිටුවීම සුදුසුබව.





