පාතාල ක්‍රියාකාරකම් නැවැත්වීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අඩක් අඩු කල හැකි බවද බන්ධනාගාරයේ සිටින අයගෙන් වැඩිපිරිසක් මෙරටට වැඩක් කලහැකි අවුරුදු 18 ත් 30 ත් අතර තරුණයන් බව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලාල් පෙරේරා මහතා පැවසිය
පොලිස් අධිකාරිවරයා මෙම අදහස් පලකලේ කටාන පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 27 ක 750 ක් පමණවූ මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් සදහා හැදුනුම් පත් නිකුත් කිරීම සහ “ඉවත්වෙනු “ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ව්‍යාපාරය පිලිබදව දැනුවත් කිරීම සදහා 01 දින කටාන ටවර් සයිඩ් හෝටලයේ පැවති වැඩ සටහනට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් පලකල පොලිස් අධිකාරිවරයා
.මත්ද්‍රවය ජාවාරම් කරුවන් අනීතිකව උපයන මුදල් යොදාගෙන සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා.පාතාල ක්‍රියාකාරකම් සහ තර්ජන නිසා සිදුවේ සහ කටුනායක ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් යොදවා ආරක්ෂාව ලබාදීමට සිදුවුනා මෑතක සිදුකල පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන්ගේ කටයුතු 75 % කින් පමණ අඩුවී තිබෙනවා
පොලිසියේ අත්අඩංගුවට පත්වීම අඩුකර ගැනීම සදහා මත්ද්‍රව්‍ය ජාවාරමකරුවන් නවින් තාක්ෂනය සහ සමාජ මාධ්‍ය භාවිතා කරනවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගැනුම් කරුවන් එකිනෙකා හමුවන්නේ නෑ බැංකුවට මුදල් තැන්පත් කරගෙන කිසියම් හදුනා ගතහැකි තැනක මත්ද්‍රවය තබා වට්ස් ඇප් කරනවා.
එම ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය දැනුම සහ පහසුකමද මේ වනවිට පොලිස් නිලධාරීන්ට ලබාදී තිබෙනවා
ඒ සදහා මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සක්‍රීය දායකත්වය අවශ්‍යයි.ඔබ ඔබේ ග්‍රාම නිලධාරී වසමේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනයට යොමුකරවීමට සහ ජාවාරම් කරුවන් නීතියේ රැහැනට අසුකර දීමට කටයුතු කලොත් මේ උවදුර ඉක්මනින් අවසන් කරන්න පුළුවන් කම ලැබෙනවා.
පසුගිය සති කිහිපයේ සිදුකල මෙහෙයුම් හේතුවෙන් මේ වනවිටත් මත් ලෝලීන් ප්‍රදේශයේ සිදුකරන ගෙවල් බිදීම් රන්මාල කඩා ගැනීම ආදී අපරාධ අඩු වී ඇතිබවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලාල් පෙරේරා මහතා වැඩිදුරටත්ප්‍රකාශ කළේය.
මෙම රැස්වීම කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා විසින් සංවිධානය කර තිබුණි.







