විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුම් නැමැත්තාගේ මත්ද්‍රවය මිගමුව සහ අවට ප්‍රදේශවල ලොකේෂන් තබමින් බෙදා හැරීම් සිදුකල මිගමුව පුද්ගලයෙකු මිගමුව දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණවිර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලවීදිය ප්‍රදේශයේදී 04 දින අත්අඩංගුවට ගෙන ඇත.
මිගමුව කුඩාපාඩුවේ කනත්ත පාරේ පදිංචි 30 හැවරදී අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ මත්ද්‍රවය ජාවාරම් කරු ලබාදෙන උපදෙස් අනුව සැකකරු ලොකේෂන් තැබුබව මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුසන්තකයේ තිබුහෙරොයින් ග්‍රෑම් 26 ක් සහ මිලිග්‍රෑම් 80 ක් ජංගම දුරකතනයක්සහ පා පැපදියක්ද පොලිසිය බාරයට ගෙන තීබේ.
මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 68202 ජානක,පොලිස් කොස්තාපල් 99712 ජයතිලක යන නිලධාරින්ද සහභාගී වී තිබේ.
සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය






