කැපුම්ගොඩ දේවස්ථානයේ පෙරහැර පාර නොහදන හේතුව එලියට

2026 අයවැයට  විරුද්ධව ඡන්දය පාවිච්චි කළ නිසා විපක්ෂයේ සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත්කරන ජනතා ඉල්ලීම යෝජනා සදහා  ප්‍රතිපාදන ලබා නොදෙන බව නගරාධිපති   රොබට් හීන්කෙන්ද මහතා පැවසූ බව මිගමුව මහා නගර සහාවේ සමගි ජනබල වේගයේ කණඩායම් නායක දිලිණි ජයකොඩි මහත්මිය පැවසිය.

නාගරික මන්ත්‍රීවරිය මෙම අදහස් පලකලේ සමගි ජ්නබලවේගයේ මිගමුව කාරයාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මිගමුව මහානගර සභාවේ මාසික රැස්වීම ඊයේ 7 දින නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර කරමාන්ත කාරක සභාවේ කටයුතු පිලිබදව සාකච්චා කරන බලන  අවස්ථාවේදී කැපුම්ගොඩ දේවස්ථානයේ පෙරහැර  මාරගයේ  ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම පිලිබදව නාගරික මන්ත්‍රී දිලිණි ජයකොඩි මහත්මිය විමසීමක් කර තිබේ.

2026 අයවැයට  විරුද්ධව ඡන්දය පාවිච්චි කළ නිසා විපක්ෂයේ සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත්කරන ජනතා ඉල්ලීම යෝජනා සදහා  ප්‍රතිපාදන ලබා නොදෙන බව නගරාධිපති   රොබට් හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළබවත් එම ප්‍රකාශයට විරෝධය පලකරමින්   තම කණඩායම මාසික මහාසභා රැස්වීමේ කාරක සභා අවස්ථාව වරජනය කර සභා ගැබෙන් පිටතට පැමිනි බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් පලකල මොහොමඩ් රුෂ්ඩි නාගරික මන්ත්‍රීවරයා සියලු මන්ත්‍රී වරුන් ජනතා නියෝජිතයන් බවත් ඔවුන්ට ජනතාවට සේවය කිරීමට අවස්තාව තිබිය යුතු බවද නගර සභාව වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල් බවද සදහන් කළේය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන්වන දිලිණි ජයකොඩි, මොහොමඩ් නුස්රි, මාරි පීරිස්, මොහොමඩ් අෆ්රාස්, පියුමි සුරිඳි, දිස්නා ප්‍රනාන්දු, සහ සඳුනි තාරකා යන නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සහභාගී වූහ .

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img