කැපුම්ගොඩ දේවස්ථානයේ පෙරහැර පාර නොහදන හේතුව එලියට

2026 අයවැයට  විරුද්ධව ඡන්දය පාවිච්චි කළ නිසා විපක්ෂයේ සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත්කරන ජනතා ඉල්ලීම යෝජනා සදහා  ප්‍රතිපාදන ලබා නොදෙන බව නගරාධිපති   රොබට් හීන්කෙන්ද මහතා පැවසූ බව මිගමුව මහා නගර සහාවේ සමගි ජනබල වේගයේ කණඩායම් නායක දිලිණි ජයකොඩි මහත්මිය පැවසිය.

නාගරික මන්ත්‍රීවරිය මෙම අදහස් පලකලේ සමගි ජ්නබලවේගයේ මිගමුව කාරයාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මිගමුව මහානගර සභාවේ මාසික රැස්වීම ඊයේ 7 දින නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර කරමාන්ත කාරක සභාවේ කටයුතු පිලිබදව සාකච්චා කරන බලන  අවස්ථාවේදී කැපුම්ගොඩ දේවස්ථානයේ පෙරහැර  මාරගයේ  ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම පිලිබදව නාගරික මන්ත්‍රී දිලිණි ජයකොඩි මහත්මිය විමසීමක් කර තිබේ.

2026 අයවැයට  විරුද්ධව ඡන්දය පාවිච්චි කළ නිසා විපක්ෂයේ සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත්කරන ජනතා ඉල්ලීම යෝජනා සදහා  ප්‍රතිපාදන ලබා නොදෙන බව නගරාධිපති   රොබට් හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළබවත් එම ප්‍රකාශයට විරෝධය පලකරමින්   තම කණඩායම මාසික මහාසභා රැස්වීමේ කාරක සභා අවස්ථාව වරජනය කර සභා ගැබෙන් පිටතට පැමිනි බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් පලකල මොහොමඩ් රුෂ්ඩි නාගරික මන්ත්‍රීවරයා සියලු මන්ත්‍රී වරුන් ජනතා නියෝජිතයන් බවත් ඔවුන්ට ජනතාවට සේවය කිරීමට අවස්තාව තිබිය යුතු බවද නගර සභාව වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල් බවද සදහන් කළේය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුන්වන දිලිණි ජයකොඩි, මොහොමඩ් නුස්රි, මාරි පීරිස්, මොහොමඩ් අෆ්රාස්, පියුමි සුරිඳි, දිස්නා ප්‍රනාන්දු, සහ සඳුනි තාරකා යන නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සහභාගී වූහ .

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img