නගරාධිපති අපහසුතාවලට ඇද දමන නිලධාරී කුමන්ත්‍රණ පරදවමු

මිගමුව සෙල්බි පාර නගර සභාවේ දේපොලක් බවත් එහි  නතරකරන වාහන වලින් මුදල් එකතුකිරිම සදහා කිසිම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට නගර සභාව විසින්  නිත්‍යානුකුල අවසරයක් ලබාදී නැතිබවත් එම අනීතික  මුදල් එකතුකිරිම (කප්පම ගැනීම )අවසන් කිරීමට කටයුතු කරනබව ජේෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා එක්වරක් නොව අවස්ථා කිහිපයකදී මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශ කර ඇත.(පළමු ප්‍රකාශය සිදුකර වසරක් ගතවී ඇත )

මේ අනුව නගරාධිපති වරයා විසින් මෙම නගර සභාවට අයිති සෙල්බි පාරේ නතර කරන වාහන වලින් මුදල් අයකිරීම  (කප්පම් ගැනීම) වැළැක්වීම සදහා   මිගමුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරන ලෙස අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබාදී කාලයක් ගතවී ඇතත් නිලධාරීන්  එම නියෝගය ක්‍රියාත්මක කලේ නැත..

මෙවැනි අවස්ථාවක එතුමා වැටී සිටින අසීරුතාවයෙන් මුදවා ගැනීමටත් එතුමා ගනුලබන ප්‍රගතිශීලි කටයුත්තක් සදහා පුරවැසියෙකු සිදුකල යුතු සමාජ වගකීමක් ඉටුකිරීම සදහාත් අවශ්‍ය  පැමිණිල්ල 2026 .06.23 දින මිගමුව මුලස්ථාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති තුමාවෙත ලිඛිතව ඉදිරිපත්කිරීමට  අප කටයුතු කළෙමු.

එම පැමිණිල්ල පිලිබදව වහාම ක්‍රියාත්මකවූ පොලිස් ස්ථානාධිපතිතුමා එහි පරීක්ෂණ කටයුතු රථවාහන පොලිසියේ ස්ථානාධිපති තුමාට ලබාදුන් අතර එතුමා විසින් පරීක්ෂණ කටයුතු වහාම ආරම්භ කර මුදල් එකතුකිරිම සිදුකරවන පුද්ගලයා කැදවා මුලික පරීක්ෂණයක් 24 දින රථ වාහන අංශයේදී සිදුකල අතර වැල්ල විදිය දේවස්ථානයෙන් ටෙන්ඩරයක් මගින් පාරේ නතරකරන වාහනවලින් මුදල් අයකිරීම සදහා තමන්ට අවසර දී ඇති බව එම පුද්ගලයා  ප්‍රකාශ කළේය.

අප විසින් ඔහුගෙන් එම අවසරය ඉල්ලා සිටි අතරඑදින  දේවස්ථානය බාර පියතුමා නිවාඩු ලබාගෙන ඇති බැවින් ඒම ලේඛන පියතුමාගෙන් ලබාගෙන හෝ පියතුමා සමග පැමිණඉදිරිපත් කිරීම   සදහා වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව පරීක්ෂණය  2026.07.01 දින පෙරවරු 9.00 ට පැවැත්වීමට තීරණය විය.

මේ අනුව ජුලි මස 01  දින පැවැත්වෙන විභාගය සදහා නගාරික කොමසාරිස් හෝ බලයලත් නිලධාරියෙකු කැදවන ලෙස අප පොලිසියෙන් ඉල්ලා සිටි අතර නීති නිලධාරී සමග නාගරික කොමසාරිස් හෝ සුදුසු නිලධාරියෙකු මෙම අවස්ථාවට සහභාගී කරවන ලෙස අපි  නගරාධිපති තුමාගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කරමු

එසේ නොමැතිනම් නගරාධිපති වරයා හෝ වත්මන් නගර සභාවේ පාලනය කිසිදු බලවේගයක් ඉදිරියේ අනීතික කටයුතු වලදී යටත් නොවනබව මීගමුවේ බදුගෙවන ජනතාවට තහවුරු කිරම සදහා ලැබී ඇති මගගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සදහා මෙම පරීක්ෂණයට  නගරාධිපති තුමාද නිලධාරීන් සමග  සහභාගී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.  

Hot this week

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img