මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා සිදුකල වියදම් සදහා ගෙවිය යුතු මුදල් එකතුකර ගැනීම සදහා සභා පරිශ්‍රය යොදා ගැනීම සහ අදායම් පාලක යොදවාගෙන ව්‍යාපාරිකයන් රැස්කරවීම.පිලිබදව උපුල් ප්‍රියන්ත මන්ත්‍රීවරයා නගනලද චෝදනාව පිලිබදව පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු එකදිගට අදහස් පළකිරීම නිසා අද 21 දින කටාන ප්‍රාදේශීය සභාවේ මහාසභා රැස්වීම උණුසුම් විය.
මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය දැක්වුයේ චම්පික හෙට්ටිඅරච්ච් මන්ත්‍රීවරයා සභා පරිශ්‍රයේදී රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම සදහා සභාවේ අදායම් පාලක යොදවාගෙන ව්‍යාපාරිකයන් එක් රැස්කිරීම පිලිබදවය.
මෙහිදී ලසන්ත දීපාල් අසේල ජයවර්ධන , චාමින්ද රත්නායක අජන්ත පණ්ඩිතරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අදහස් පළකළේය.
මෙහිදී පිළිතුරු කතාව සිදුකල ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඉරේෂා ජයකොඩි මහත්මිය සියලු කටයුතු විනිවිධ බාවයෙන් සිදුකර ඇතිබවත් එදින ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ ශ්‍රවණාගාරය වෙනත් කටයුතක් සදහා යොදාගෙන තිබු නිසා සභාවේ රැස්වීම තැබීමට අවසර දුන්නා ව්‍යාපාරිකයන් කිසිවෙකුගෙන් බලෙන් මුදල් ඉල්ලුවේ නෑ මේ උත්සවය පැවැත්වුයේ රාජ්‍ය අනුග්‍රහයෙන් ව්‍යාපාරිකයන් ලබාදීමට එකගවූ මුදල් තවම එකතු කලෙත් නැහැ
මේ කටයුතු පිලිබදව අවශ්‍ය ඕනෑම තැනකට දන්වා පැමිණිලි කිරීමට ඕනෑම කෙනෙකුට නිදහස තිබෙන බවද ඉරේෂා ජයකොඩි සභාපති වරිය වැඩිදුරටත් පැවසිය.





