බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු නම්කර අධිකරණයට ඉදිරිපත් කල අතර, එම සැකකරුවන් අගෝස්තු 7  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය (27) දින  නියෝග කලා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා.එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු නම් කළා.ඒ, සුපුන් මධුසංඛ හෙවත් හීනටියන සුපුන්, අෂාන් ප්‍රනාන්දු හෙවත් කළු මල්ලි, සමීර සම්පත් හෙවත් බබා සහ ෂේන් ඩිලාන් සිල්වා යන රැඳවියන්.

ස්වාමීනි,

මෙම සැකකාර රැඳවියන් හඳුනා ගැනීමට බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට හැකියාව තිබෙනවා.එම සැකකාර රැඳවියන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.එම සැකකාර රැඳවියන් ඇප ලබාගෙන යෑමේ හැකියාවක් පවතින බැවින් අද දින අධිකරණයට ඉදිරිපත් කරනවාවිශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුවීම වූ දින ගිනි අවි 301ක් රැගෙනවිත් තිබෙනවා.බන්ධනාගාර නිලධාරීන් සතුව ගිනි අවි 70ක් තිබුණා.ඒවායේ විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා තිබෙනවා.බන්ධනාගාර නිලධාරීන් 260 දෙනෙකු, රැඳවියන් 849 දෙනෙකු, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 205 දෙනෙකු, පොලිස් නිලධාරීන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් 70 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 1,395 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.අනතුරුව අදාළ සැකකරුවන් අද දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ නඩුකරය පස්වරු 4ට යළි කැඳවනු ලැබුවා.

එහිදී ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මෙම නඩුකරයට සම්බන්ධ වීම සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා හරහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.අධිකරණයේ අවසර හිමි වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දැක්වූවා.ස්වාමීනි,මේ සිද්ධියෙන් 32ක් මැරුණා බන්ධනාගාර ඇතුලේ.මේ ඉතා බරපතළ අපරාදයක්.ජුලි 05 සිදුවුණ මේ සිදුවීම රැඳවියන් අතර වුණ සාමාන්‍ය සිදුවිමක්.

එයින් 3ක් මැරුණා.ඒ තත්ත්වය පාලනය කරලා තිබුණේ. එදින අවිආයුධ පවා බන්ධනාගාරයෙන් ඉවත් කළා.නමුත් එදා රැඳවියන් කූඩුවලට නොදා නිදැල්ලේ තියලා තිබ්බා.එදින බන්ධනාගාරයේ ආරක්ෂාවට නිලධාරීන් කිපදෙනෙක් හිටියා.තුවක්කු අතැතිව.පහුවදා උදේ හයවෙනකං කිසිම අවුලක් තිබ්බේ නැහැ.නමුත් කිසිම ප්‍රශ්නයක් නැති තැනකට බන්ධනාගාර මූලස්ථානයෙන් බන්ධ පොලිස් නිලධාරීන් 89ක් තුවක්කු 10ක් එක්ක ගෙනත් දැම්මා සිවිල් ඇදුමෙන්.ඒ අය ඉතා අමානුෂික ලෙස රැඳවියන්ට වදහිංසා කරන්න ගත්තා.ඒක දාරා ගන්න බැරි වුණ රැඳවියන් නිලධාරීන්ට පහර දුන්නා.එතනදි නිලධාරීන් 10ක් මැරුණා, රැඳවියොත් 22 ක් මැරුණා.ගොඩක් අය තුවාල ලැබුවා. බන්ධනාගාරය ඇතුළට පිටින් වෙඩි තිබ්බේ ඇතුලේ හිටිය නිලධාරීන් තමයි.වැඩි හරියක් රැඳවියන් මැරුණේ වෙඩි වලින්.අද කියනවා තුවක්කු 300ක් විතර රස පරික්ෂනයට  යැව්වා කියලා.ඒ ගෙනාපු අවි වලින් තමයි වැඩි හරියක් මැරුණේ.ඒ අවි අරගෙන බැලුවනං බලන්න පුළුවන් මොකෙන්ද වෙඩි තිබ්බේ කියලා.

කට උත්තර එක්දහස් ගානක් ගත්තලු. තව ඉවරයක් නැ. මේ නඩුව මෙහෙම ගෙනියන්න බැහැ. රජයේ බන්ධනාගාරයක් තුල මැරුණ මිනිස්සු ගැන වගකීමක් රජයට තියනවා.ආණ්ඩුව මරුණ නිලධාරීන්ට විශාල මුදලක් වන්දි ගෙවනවා.රැඳවියන්ට මුකුත් නැහැ. මං අද පෙනී සිටින්නේ ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් සහ මිය ගිය රැඳවියකු වන මොහොමඩ් නිසාම් වෙනුවෙන්.ඔහුට දරුවන් 7ක් ඉන්නවා.දැන් ඒ පවුල ඉතා අසරණයි. චූටිම දරුවාට තාම මාස දෙකයි.54 වගන්තිය යටතේ රස පරික්ෂක වාර්තා එනකං හිටිය කෙනෙක් මේ මැරුනේ.අපි කියන්නේ මේකට අර නිලධාරීන් 89 දෙනා වගකියන්න ඕන,ඒ අය අත්අඩංගුවට අරන් සැකකරුවන් කරන්න කියලා.

මේකට වෙඩි තියන්න අණ දිපු කොනාගේ ඉඳලා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕන. මෙතන සමුල ඝාතනයයක් වොලා තියනවා.  ඒ නිසා රැඳවියන්ට සාදාරනයක් වියයුතුයි. Cid එක ඒ අය වෙනුවෙන් හඬක් නගන්නැහැ.ඒ අය දැනටමත් වරදකරුවෝ කරලා.ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ පරික්ෂණයක් කරන්න කියලා.රැඳවියන් සාක්ෂි දෙන්න පවා බයයි. මොකද සාක්ෂි දීලා යන්න වෙන්නේ එතනට නිසා.ඒ නිසා බය නැතිව සාක්ෂි දීමට පරිසරයක් හදන්න ඕන.

ඊට පිළිතුරු ලබා දෙමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ,

ස්වාමීනි,ජූලි 14 වැනි දින අපි අත්අඩංගුවට ගත් ගිනි අවි උණ්ඩ ඇතුළු සියලුම දේ රජයේ රස පරික්ෂක වෙත යොමු කරන්න කටයුතු කරලා තියනවා.දැනට පුද්ගලයන් එක්දාහස් ගානකගෙන් කට උත්තර අරන් තියනවා.Cid එක සර්ව සාධාරණ විමර්ශනයක් කරනවා.

අනතුරුව සමස්ථ සිද්ධිය සම්බන්ධයෙන් නියැඳි වශයෙන් සාක්ෂි ලබා ගන්නා අතර මේ වන විට පුද්ගලයන් 28 දෙනෙකු සිය අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇති බවත් අධිකරණය කාටත් එකසේ යුක්තිය ඉටු කරන බවත් මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සඳහන් කළා.රැඳවියන්ගේ වෛද්‍ය පරික්ෂණ සම්බන්ධයෙන් හෙට දින එනම් ජූලි මස 28 වැනිදා  මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම 1,2,3,4 සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර පවුලේ අය හෝ ඥාතීන් සිටිනවාද විමසා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සිය නිලමැදිරිය වෙතට ඉදිරිකරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර සිටියා.

හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් සිව්දෙනා අගෝස්තු මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img