මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදිමෙන් අනතුරුව සිදුකල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන මධ්‍ය ප්‍රකාශයන් පිලිබදව ප්‍රදේශය නියෝජනය කරන ජාතික ජනබල වේගයේ කටාන ප්රාදේශීසභා මන්ත්‍රී කුමාරසිරි ගුණවර්ධන මහතා විසින් ( 03/10/26) ආඩිඅම්බලම ආපදා කලමනාකරන සමූහයට යොමු කල පනිව්ඩයක් අප වෙතද එවා ඇත පහතින් පලවන්නේ එම පණිවුඩයයි
මේ ආයතනයට සුදු හුනු ගාන්න. පෝස්ට් එක හොදට සැලසුම් කරලා කරපු එකක් බව පැහැදිලියි.මෙයාලා පරිසර හිතකාමී නම් මෙතනට එන අය ගෙනත් දමන අප ද්‍රව්‍ය දැනුත් ඉවත් කරන්න ඕන නෙ. නීති ව්රෝධීව කරන ප්‍රදාන පාරේ වාහන නතර කිරීම නොකර ඉන්න එපැයි.හරි මෙතන කන්ද උඩට වෙන්න තව ඉදි කිරීම් කිරීම හරි කියමු. එහෙත් කෝ මෙතනට එන ව්ශාල වාහන නතර කිරීමට රත ගාලක්. කෝ ඒකට මෙතන පහසුකම්.
එයාලට ඒවා නතර කරන්න හදන්න වෙන්නෙ ගගට පාලමට මායිම් වු පහත් බිමේ.ඒ වගේම පූජාවන් තියෙන වෙලාවට ප්‍රදාන මාර්ගයේ.
එයාල කියන්නෙ පහලින් යන්නේ කුඩා දිය පාරක්ලු. ඕං දැනුමෙ තරම. ….. ව්කිනිච්ච සෙට් එකක්.අනික මේ හදන්නෙ හෑමෝටම ප්‍රයෝජනයක් තියෙන පොදු ස්තානයක් නෙමෙයි.
.ඩොලර් ටිකක් එයි පිටින් පිරිසක් එනවා කියන නිසා.නමුත් ඊට වඩා හානිය හැම අතින්ම ප්‍රබලයි.
මුල් ගල් තබා ඇති ව්ශාල ඉදි කිරීම සදහා අනුමැතිය ලබා දීම මූලික වශයෙන් සලකා බැලීම කල යුතු වන්නේ, (UDA) නාගරීක සංවර්දන අදිකාරියෙනි.
මෙහිදී මා හට පෙනෙන මූලික ගැටලුව වන්නේ මෙවැනි සංකීර්න ව්‍යාපෘතියකදී මෙම ස්තානයේ වාහන හා යතුරු පැදි නැවතුම් ස්තාන හා අනෙකුත් පොදු පහසුකම් ලබා දීම ගැටලු සහගත වන බවයි.අනෙක් අතට මේ වන විට ඔවුන් වාහන නැවැත්වීම සදහා බාවිතා කරන පහත් බිම එවැනි කාර්යන් සදහා යොදා ගැනීම නීති විරෝදී වන අතර, එය ගොඩ කිරීමට හෝ එහි කිසිදු ඉදි කිරීමකට ඉඩ දිය නොහැකි අති සංවේදී පාරිසරික ප්‍රදේශයක් බවය.
ගංවතුර අවස්තාවකදී කිබුලාපිටිය ඔය පිටාර ගැලූ විට දඩුගං ඔය හරහා කලපුවට ජලය බැසීමට ඇති එකම ප්‍රදේශයේ (නයි කන්ද පාලම අවට ප්‍රදේශය) පවතින මෙම පහත් බිම් ආරක්ශා කිරීම අප සතු මූලික වගකීමකි.මේ වන විට ගංවතුර අවස්තාවන් හීදී නයි කන්ද පාර (ගුවන්තොටුපල ප්‍රදාන මාර්ගය) පාලම අසල යට වෙන බැවින් මගීන් සදහා ගමන් කිරීමට අමතර පෙට්ටි බෝක්කු දමා පාර උස්සා හෝ නැතහොත් ගුවන් පාලමක් ඉදි කිරීම හෝ කිරීම අත්‍යවශ්‍ය බව රජය ව්සින් හදුනා ගෙනද ඇත.
එමෙන්ම, මෙම ප්‍රදාන මාර්ගයේ උදේ කාලයේ හා සවස් කාලයේ තද බල මාරග තද බදය සදහා කඩිනමින් පිලියම් යෙදිය යුතු බවද පෙන්වා දී ඇත.මෙවැනි තත්වයක් තුල ජාත්‍යන්තර ගුවන්තොටුපලට මායිම් වූ මෙම අධි ආරක්ශිත කලාපය තුල පාර දෙපස වාහන නැවැත්වීම නීතියෙන් තහනම් බැවින්ද , මෙම මිරකල් ඩෝම් ආයතනයටද එම නීතිය බලාත්මක විය යුතුය.
ගොඩ වී ඇති කිබුලාපිටිය ඔය දඩුගං ඔය දෙසට (මුතුවාඩිය දෙසට) නැවත පලල් කර ගොඩ වී ඇති ස්තාන හාරා ඔය දෙපස ඉවුර හැදීම මේ වන විට වාරී මාර්ග දෙපාර්තමේන්තුව ව්සින් කල යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි. එය කඩිනමින් ඉටු කර දෙන ලෙස අප ව්සින් ආන්ඩුවට යෝජනා කර ඇත. එමෙන්ම මෙම ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම එම ආයතනයේ නියාමනයකට අනුව විය යුතුය.
පසු ගිය දිනක, මෙම ස්තානයෙන් ගලා යන්නේ කුඩා දිය පහරක් බවට සමාජ මාද්‍ය හරහා සාවද්‍ය තොරතුරු දී ජනතාව රැවටූ, මෙම ආයතනයට සුදුහුනු ගාන ….. වැනි ව්‍යාජ සමාජ ක්රියාකාරිකයින්ට නීතිමය පියවර ගත යුතුව ඇත.
කාලයක සිට, මෙම ප්‍රදේශයේ සිදු කර ඇති අව්දිමත් සංවර්ධන කටයුතු නිසා පීඩා විදින ව්න්දිත ජනතාව ජීවත් වන්නේ ආඩිඅම්බලම ප්‍රදේශයේ හා අවටය. ඔවුන්ට තව දුරටත් පීඩාවට පත් වීමට ඉඩ දෙන්නේ නැත.
එබැවින්,අප ප්‍රදේශයට සමාජයට බලපාන මෙම ක්‍රියාකාරකම් වලට කිසි සේත්ම ඉඩ නොදෙන බව ප්‍රදේශයේ ආන්ඩුවේ ප්‍රාදේශීය මහජන නියෝජිතයා ලෙස මමද ඔබට සහතික වෙමි.
කුමාරසිරි ගුණවර්ධන
මෙම පණිවුඩය පලකරනු ලබන්නේ මෙම ඉදිකිරිම පිලිබදව මෙන්ම පාරිසරික බලපෑම පිළිබද පුළුල් මහජන කතිකාවතක් ඇතිකර සත්‍ය එළිදරවු කිරීමට වේදිකාවක් සකස්කිරීම දීම සදහාය සංවාදයට විවෘත්තයි
ප්රවෘත්ති කර්තෘ






