මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් කුරණ මේජර් රාජ ක්‍රීඩාංගනයට යාබදව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනය සහඅප ජලය පිරිපහදු පද්ධතිය නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යාමෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව ඇතිබව මිගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී දිශාන් මෙන්ඩිස් මහතා පවසයි.
මෙම අවිධිමත්කටයුතු හේතුවෙන් දැඩි අපහසුතායකට පත්ව ඇති ප්‍රදේශවාසින් විසින් බාරදෙන ලද ලිපියක්සභාගත කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ 10 දින පැවති මිගමුව මහානගර සභාවේ නොවැම්බර් මස මහා සභා රැස්වීමේදීය.
නගරාධිපති දුලීප් චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභාවේ සභා ශාලාවේදී මහාසභා රැස්වීම පැවැත්විණි.
ජයාරුපය AI






