මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්රාම නිලධාරී වසමේ පිහිටා ඇති ශාන්ත මරියා පාසල විසින් ක්රීඩා පිටියක් ලෙස භුක්ති විඳිනු ලැබූ ඉඩම මීගමුව මහා නගර සභාවට අයත් ඉඩමකි. එම ඉඩම කාමච්චෝඩ් කිං ජෝර්ඡ්චුයිට් සායනය නිල නිවාසය ක්රීඩා පිටිය යන කාර්යයන් සඳහා යොමු කර ඇති අක්කර 01 රූඩ් 02 පර්චස් 31.11 විශාලත්වයෙන් 702N ඔප්පු අංක හා 1922.09.30 දින ම බවත් මීගමුව මහා නගර සභා වත්කම් ලේඛණයේ සටහන් වී ඇත.
මීගමුව මහා නගර සභාවට අයත් මෙම ඉඩම 1997 اඅගෝස්තු 19 දින සිට 2022 දක්වා වසර 25කට මීගමුව ශාන්ත මරියා විදුහලේ ක්රීඩා පිටියක් ලෙස භාවිතය සඳහා බදු ගිවිසුමක් යටතේ බදු දී තිබු නමුත් කිසිදු මුදලක් ශාන්ත මරියා විදුහල විසින් මීගමුව මහා නගර සභාවට ගෙවා නැත.
තවද මෙම ඉඩම 1997 මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අඳින ලද කැඩස්තර අංක. 16570 සිතියම නිරීක්ෂණය කිරීමේදී මෙය මීගමුව මහා නගර සභාවට අයත් ඉඩමක් බවට සඳහන් කර ඇත. කරුණු මෙසේ තිබියදී මීගමුව ප්රාදේශීය ලේකම්තුමිය අනෝමතික ලෙස මෙම ඉඩම රජයේ ඉඩමක් ලෙස ප්රකාශ කර සිටියි. නමුත් මෙම දේපළ 1922 වැනි කාලයේ දී එවකට ආණ්ඩුවකාරයා විසින් 702N යන ප්රධාන පත්රයක් මඟින් මෙම ඉඩම මීගමුව මහා නගර සභාව ( එදා මීගමුව නාගරික දිස්ත්රික් සභාව – Negombo Urban District Council ) වෙත ප්රදානය කර ඇත.
එසේ හෙයින් “මෙම භූමිය පොදු ක්රීඩා පිටියක් ලෙස සංවර්ධනය කර මීගමුව මහා නගර සභාවේ පාලනය යටතේ ප්රදේශයේ පාසැල්වල ක්රීඩා කටයුතු සඳහා ලබා දීමටත් පාසැල් විසින් ප්රයෝජනයට නොගන්නා අවස්ථාවල වල ආදායමක් උපායා ගැනීමට හැකි වන පරිදි සුදුසු වැඩපිළිවෙළක් යෙදීමටත්, ක්රීඩා පිටිය සඳහා වෙන් කර ඇති කොටස හැර ඉතිරි බිම් කොටස වන කිං ජෝර්ජ් ඩුයිට් නිල නිවාසයේ වසර 40 කට ආසන්න කාලයක සිට පවත්වා ගෙන ගිය මාතා සායනය නැවත එම ස්ථානයේම ආරම්භ කර පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු යැයි සජිත් මෝහන් නාගරික මන්ත්රී වරයා ඉදිරිපත්කල යෝජනාවක් විසින් ඉදිරිපත්කල යෝජනාව මෙම මස 10 දින පැවති මිගමුව මහානගර සභාවේ මාසික සභා රැස්වීමේදී සභා සම්මත විය.
යෝජනාවට පක්ෂව ජන්ද 36 ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු නාගරික මන්ත්රීවරයෙකු ජන්දය ප්රකාශ නොකළ අතර ජන්දය විමසන අවස්ථාවේ මන්ත්රීවරු10 දෙනකු සභාවේ නොසිටි අතර එක් මන්ත්රී වරයෙකු ජන්දය දීමෙන් වැලකි සිටි අතර මන්ත්රීවරු තිදෙනක් එදින මහාසභාව සදහා පැමිණ නොතිබුණි.
මේ පිලිබදව පැවති විවාදයේදී සභාව ඇමතු සියලු නාගරික මන්ත්රීවරු යෝජනාවට පක්ෂව අදහස් පලකිරීමද විශේෂත්වයකි.
සබැදි පුවත්





