අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩි දියුණු කිරීමක් සදහා 2026 නොවැම්බර් මස 19 වන දින සිට 2026 නොවැම්බර් මස 23 වන දින දක්වා බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන බව පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් දැනුම්දී ඇත .
ඉහත සඳහන් දිනයන්හිදී දඩ මුදල් අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලුම වාහන සඳහා, කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව 2026 නොවැම්බර් මස 25 දින සිට 2026 නොවැම්බර් මස 27 දින දක්වා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවත්
www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවිය මගින් මාර්ගගත ක්‍රමය (online) යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම ද 2026.11.18 මධ්‍යම රාත්‍රියේ සිට 2026.11.23 දින මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවන බව ද එම මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී ඇත.
ජයා රුපය AI නිර්මාණයකි





