ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල  අවස්ථා කිහිපයකදී ලක්‍ෂ ගණනින් සභා අරමුදල් වැයකර අලුත්වැඩියා කර තිබෙන කෝව්න්න ආදාහනාගාරය නැවත වරක් දිට්වා අපදා සදහා ලැබුණු ලක්‍ෂ 170 වක මුදලක් වැයකර අලුත්වැඩියාකිරීම පිලිබදව දුෂණයට වංචාවට එරෙහි කටාන ප්‍රාදේශීය සභාවේ ප්‍රගතිශීලි මන්ත්‍රීවරු අතර යලි සංවාදයක් ගොඩනැගී ඇත.

මෙම ජනතා නියෝජිතයන් දක්වන අදහස් වලට සහ ඉදිරිපත්කරන කරුණු අනුව මෙම ගොඩනැගිල්ලේ වහල සම්පුර්ණයෙන් ගලවා අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් ඇති අතර  දිට්ටා වෙන් වහලට කිසිදු හානියක් සිදුව නැත.

මෙම වහලය පසුගිය ජනාධිපති වරණයෙන් පසුවද අලුත්වැඩියාකර ඇති අතර එම කාලයේ සභාව නිලධාරීකමිටුවක් මගින් පාලනය විය .

වහලය දිරා ඇත්නම් එය සිදුවිය හැක්කේ  සැලසුම් වල අඩුපාඩු හා ඉදි කිරීම් වල දෝස නිසා සහ ප්‍රමිතියෙන් තොර දැව ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කිරීම නිසාය

මෙම ගොඩනැගිල්ලේ වහලය  දිට්ටා ආපදාවලට හසු නොවූ අතර  එය ප්‍රදේශවාසී ජනතාවද හොදින්ම දන්නා කරුණකි එසේ තිබියදීවහලය සම්පූර්නයෙන්ම දිරා පත් වී ඇති බවපවසමින්  වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම සැකයට තුඩුදෙන කරුණක් බවද මෙම සංවාදයේදී  අදහස් ඉදිරිපත්කරන ප්‍රගතිශීලි මන්ත්‍රීවරු පවසති.

මෙම ආදාහනාගාරය ඉදිකිරිම සහ අලුත්වැඩියා කිරීම වලදී වංචා සහ දුෂණ   සිදුකර  ඇති බවට චෝදනා එල්ලවන නිලධාරීන් සහ හිටපු පාලකයන් එම  චෝදනා වලින් නිදහස් කරගැනීම සදහා වත්මන් පාලනයද නොමග යවමින් නිලධාරීන් විසින් මෙම අලුත් වැඩියා කටයුතු සදහා  සැලසුම් සහ  ඇස්තමේන්තු සකස් කර ඇති බවට මෙම කතිකාවත් වලදී  කරුණු ඉදිරිපත්ව  ඇති බවද දැනගන්නට තිබේ.

මෙම ආදාහනාගාරය ඉදි කිරීමෙදී සිදු වී ඇති දුෂණ වංචා  පිලිබදව සොයා බලා  ප්‍රාදේශීය සභාවට  සිදුකර ඇති පාඩුවඅයකර  ගැනීමට කටයුතු කල යුතුබවද ඒ සදහා විගණනයක් සිදුකල යුතුයයි දමන්ත්‍රීවරු අතර ගොඩනැගී ඇති සංවාදය තුල සාකච්චා වී ඇතිබවද වාරතා වේ.

කෝවින්න අදාහනාගාරය ඉදිකිරීමේදී හා අලුත්වැඩියා කිරීම් වලදී  සිදුව ඇති වංචා සහ දුෂණ චෝදනා  පිලිබදව සොයාබැලීමට මහා සභාවට යෝජනාවක් ඉදිරිපත්කර ඒ සදහා කමිටුවක් පත්කර සිදුව ඇති දුෂණ වංචා සොයාබලා වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කඩිනමින් කටයුතු කිරීම   කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති තුමියගේ වගකීමකි

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img