මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ පාඩු ලබන එකම ඉන්ධන පිරවුම්හලට හිමිකම් කියන කටාන විවිධ සේවා සමුපකාර සංගමයේ මහා සභා සාමාජිකයන් සදහා ලක්ෂ 15 ක් පමණ වියදම්කර කොච්චිකඩේ ප්රදේශයේ හෝටලයක 28 දෙනෙකු සදහා සාදයක් පවත්වා ඇතිබවට සමාජ මාධ්යය වල තොරතුරු හුවමාරුවෙනවා.
මෙම හුවමාරුවන තොරතුරු පිලිබදව අපවෙත ලැබීඇති තොරතුරු අනුව මහාසභා සාමාජිකයන් සදහා පැවැත්වෙන සුහද හමුවට සහභාගී වනලෙස සංගමයේ ලේකම් විසින් 2026.10.06 දින ලිඛිත ආරාධනයක් කර ඇත.
මෙම සුහද හමුව සදහා මදුවිත සැපයීම ඇතුළු නාස්තිකාර වියදම් වලට එරෙහිවූ මහා සභා සාමාජික පිරිසක් මෙම හමුවට සහභාගී නොවීමට තීරණය කලබව දැනගන්නට ඇත.
මේ අනුව මෙම හමුව සදහා සහභාගිවී ඇත්තේ මහා සභා සාමාජිකයන් 28 දෙනකු පමණි සමාජ මාධ්ය ඔස්සේ හුවමාරුවන තොරතුරු අනුව මෙම හමුව සදහා ලක්ෂ 15 වැයවී ඇත්නම් එක් සාමාජිකයෙකු සදහා රුපියල් 54000 දහසකට ආසන්න මුදලක් වැයකර ඇත.






