බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමේ පාගමනක් 13 දින පස්වරුවේ මීගමුවේදී පැවත්විණි.
මීගමුව කඩොල් කැලේ දුටුගැමුණු විහාරයේ සිට දුම්රිය පොළ දක්වා මෙම පාගමන සිදුවිය.
විහාරාධිපති සාසන සිරිතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ඇතුළු මහා සංඝරත්නය සමග ගිහි ජනතාවද මෙම පාගමනට එක්ව සිටි අතට දුම්රිය පොළ අසල බෝමළුවේදී සිදුකල ආගමික වතාවත් වලින් අනතුරුව පාගමන නිමා කරනු ලැබිය 





