මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම ප්රශ්නය වී ඇත්තේ නිලවාහන බෙදා ගැනීම සදහා නිලධාරීන් සහ ධුරධාරින් අතර තිබෙන ආරවුල බව නගර සභාවේ ප්රගතිශීලි නිලධාරීන් මෙන්ම සේවකයෝ පවසති.
මේ වනවිට සභාව සතු වාහනයකින් මෙම ගැටළුව කළමනාකරණය කර නොගෙන සුඛෝපභෝගී වාහනයක් කුලී පදනම යටතේ ලබාගැනීම සදහා කටයුතු සිදුකරමින් පවතින බවද එම සේවකයෝ පවසති
දැනට නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් නිලරථ වෙන්කර ඇතිඅතර නියෝජ්ය නගරාධිපතිවරයා සදහාද නිල වාහනයක් ලබාදීම සදහා මහාසභා විසින් අනුමැතිය ලබාදී ඇත.
මෙම අනුමැතිය ලබාගැනීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාතේ පළාත්පාලන කොමසාරිස්ගේ අත්සනින් CM/WP/87/02/01 අංකයෙන් හා 2018. 09. 11 දින නිකුත්කර ඇති පළාත් පාලන ආයතන සතු නිල වාහන පෞද්ගලික කටයුතු සදහා යොදා ගැනීම යන සිරසින් නිකුත්කර ඇති ලේඛනය පදනම් කරගනිමිනි.
මෙම ලිපියට අනුව “ 2018.08.08 දින නගරාධිපතිවරුන් සමග පවත්වන ලද සාකච්චාවේදී ඉල්ලීම කළපරිදි උක්ත අනුමැතිය පහත සදහන් කොන්දේසිවලටයටත්ව බස්නාහිර පළාතේ මහා නගර සභාවන්හි ගරු නියෝජ්ය නගරාධිපති වරුන් වෙත ලබාදීමට ප්රධාන අමාත්ය හා පළාත්පාලන විෂයභාර අමාත්ය තුමා විසින් අනුමැතිය ලබාදී ඇතිබව කාරුණිකව දන්වමි” යනුවෙන් සදහන් කර ඇත.
එම ලිපියේ සදහන් කොන්දේසි අනුව “සභාව සතු වාහන අතරින් නිල වාහනයක් යොදා ගැනීමේදී ආයතනයේ හෝ සභාවේ සාමාන්ය සේවා පවත්වාගෙන යාමට බාදාවක් නොවන පරිදි යොදා ගතයුතුය”
එමෙන්ම “නියෝජ්ය නගරාධිපතිවරුන් නිල කාරයන් සදහා නිශ්චිත වාහනයක් වෙන්කිරීම සහ එම වාහනයට යෙදිය යුතු උපරිම ඉන්ධන ප්රමාණය කවර ප්රමාණයක් ද යන්න පුරවයෙන් සභාව විසින් සම්මත කරන ලද යෝජනා සම්මුතියක් මගින් තීරණය කලයුතුය”
පළාත්පාලන කොමසාරිස් විසින් නිකුත්කරනලද ඉහත සදහන් ලිපිය අනුව ඉන්ධන පිලිබදව සීමාවක් දක්වා නැති නමුත් රජයේ වාහන පුද්ගලික පරිහරණය සදහා වන සීමාවන් පිලිබදව සදහන්වඇති රාජ්ය පරිපාලන අමාත්යංශය විසින් නිකුත්කර ඇති නිලවාහන සදහා ඉන්ධන සැපයීම සහ එම වාහන රියදුරන් සදහා අතිකාල හා සංයුක්ත දීමනා ගෙවීම නමැති 13/2008 රාජ්ය පරිපාලන චක්රලේඛය ඇතුළු මධ්යම රජය විසින් නිකුත්කර ඇති චක්රලේඛ අදාළ වන්නේද නැත්ද යන්න ගෙව්ම් කිරීමට පෙර තවුරුකර ගැනීම ප්රධාන ගණකාධිකාරීවරයාගේ වගකීමකි.
එමෙන්ම ප්රමාණවත් වාහන නොමැති අවස්ථාවක වාහනයක් කුලී පදනමින් ලබාගැනීම සදහා ප්රතිපාදන මෙමගින් ලබාදී නැත.





