අධිවේගී බෝට්ටු නිසා මිගමුව කලපුවේ මොදා මාළු කොටු විනාශයි

2026 ප්‍රජා ශක්ති වැඩසටහනට අදාළ ප්‍රතිපාදන යටතේ මීගමුව කළපුව තුළ මොදා මසුන් වගා කරන්නන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය වෙත මොදා කුඩු සකස් කර දීම සඳහා රුපියල් 4,446,278.89අනුමත වී ඇතිබවත්

මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක කිරීම සදහා ඇති ගැටළු කිහිපයක් විසදා ගැනීම සදහා අවශ්‍ය  සහයෝගය ඉල්ලා සිටිමින් මිගමුව ප්‍රාදේශීය ලේකම් විසින්  2026.06.08 දින වෙළද හා නාවික ලේකම් කාරයාලයේ  අධ්‍යක්ෂක ජනරාල් වරයාවෙත ලිපීයක් යොමුකර ඇත.

එම ලිපියට අනුව  කළපුව තුළ අධික වේගයෙන් ගමන් කරන සංචාරක බෝට්ටු නිසා කලපු පරිසර පද්ධතිය මෙන්ම මොදා කුඩු ද විනාශ වීමට ලක් වන බවට මොදා මසුන් වගා කරන්නන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය විසින් ප්‍රාදේශීය ලේකම් දැනුවත් කර ඇත

එමෙන්ම  සංචාරක ව්‍යාපාරයට ද සිදු වන මෙම හානිදායක තත්ත්වය සම්බන්ධයෙන් සංචාරක බෝට්ටු හිමියන් මීට පෙර පැවති වැඩසටහන් මගින් දැනුවත් කර ඇතත් මේ වන තෙක් ඔවුන් අදාළ ලියාපදිංචි වීමේ කටයුතු සිදු කර ගෙන නොමැත.

තවද ඉහත ව්‍යාපෘතිය යටතේ ඉදි කරන මොදා කුඩු වලට සිදුවන හානිය වළකා ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම අත්‍යාවශ්‍ය බැවින් සංචාරක බෝට්ටු හිමියන්ගේ බෝට්ටු වලට වේග සීමා පනවා ඉහත ගැටළුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද ප්‍රාදේශීය ලේකම් විසින් වැඩිදුරටත් දන්වා ඇත.

කලපුවත් කඩොලාන පරිසරයත්  මොදා මත්ෂ්‍ය ව්‍යාපාරයත් රැකගෙන  සංචරක ගමනාන්තයක් ලෙස මිගමුව සංවරධනය කිරීමට සැබෑ උවමනාවක් ඇත්නම් කලයුතු පළමු කාරය වන්නේ කලපුවේ යාන්ත්‍රික එංජින් සවිකළ බෝට්ටු ගමන් කිරීමේ තහනම්නීතිය වහාම ක්‍රියාත්මක කිරීමයි.

එසේ නොකර වේග සිමා පනවන ලෙස ඉල්ලා සිටීමේ කිසිම තේරුමක් නැත.දැනටමත් කලපුවේ ජලය සමග ග්‍රීස් ඇතුළු ඉන්ධන වර්ග මිශ්‍රවී ඇති බවට සහ දිනපතාම අලුතින් මිශ්‍ර වනබවට  සාක්‍ෂි අපසතුව ඇත.

 එමෙන්ම සංචාරක සේවයේ යෙදෙන බෝට්ටු මෙතෙක් ලියාපදිංචි කර නැතිබවද ප්‍රාදේශීය ලේකම් සිය ලිපියේ සදහන් කර ඇත. මීගමුව යනු නීතියට අනුව කටයුතු සිදුනොවන නගරයකි. ඒවා පිලිබදව නිතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරින්ද දැක්කත් නොදැක්කා වගේ කටයුතු කරන අමුතුම තැනකි.(මේමොනවාදැයි අවස්ථා කිහිපයකදීම අප වෙබ්අඩවිය මෙන්ම තවත් වෙබ්අඩවි කිහිපයක සහ සමාජ මාධ්‍ය වල සාකච්චා වී ඇත.)

අප විසින් විෂය පිළිබද විද්වතුන්, රාජ්‍ය නිලධාරීන් ධිවර ප්‍රජාව සහ මහජන ක්‍රියාකාරීන් සමග සිදුකල සාකච්චා වලදී දැක්වූ අදහස් අනුව පහත සදහන් කරුණු ඉදිරිපත් කරමු.

පවතින නීතිරීති අනුව අභ්‍යන්තර ජලාශ්‍ර (කළපුව හා හැමිල්ටන් ඇළ අභ්‍යන්තර ජලාශ්‍ර වලට අයත් වේ.) වල යාන්ත්‍රික බෝට්ටු ධාවනයට නීත්‍යානුකූලව අවසර නැත. එහෙත් දැනට හැමිල්ටන් ඇළ හා කළපුව මූලිකව ධීවර කටයුතු වල යෙදෙන යාත්‍රා 1300 ක් පමණද සංචාරක කටයුතු වල යෙදෙන අතර යාත්‍රා 75 ක් පමණද බෝට්ටු  700 ක් පමණ නැංගුරම්ලා තැබීමද සිදුවේ.

එම නිසා කලපුව රැකගැනීම සදහා සැබෑ උවමනාවක් ඇත්නම් දැනටකුමන හෝ බලවේග නිසා ක්‍රියාත්මක නොවන නීතිරීති  වහාම ක්‍රියාත්මක කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,මිගමුව මහානගර සභාව නරා ආයතනය පොලිසිය.වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව,ප්‍රාදේශීයලේකම් ඇතුළු රාජ්‍ය ආයතන කටයුතු කළයුතුව ඇත.

 මෙම ලියුම්කරුසමග තොරතුරු බෙදාගත් ධීවරයෙකුපැවසූ කරුණු  අනුව  කුඩුවල සාදන මොදා මාළුවන් ආහාරය පිණිස සුදානම් කරගත් සමහර අවස්ථාවල බුමිතෙල් රස දැනී තිබේ.

එමෙන්ම කලපුවට විශාල වශයෙන් තෙල් ග්‍රීස් අසුචි  ඇතුළු අපද්‍රව්‍ය එකතුවන්නේ ඇලවල් මගිනි

 ඇලවල් වලට ඒවා විශාල වශයෙන්  එකතු කරන්නේ හෝටල් ,ආපනශාලා,වාහන සේවාස්ථාන ඇතුළු ආයතනමගිනි මේවාට වෙළද බලපත්‍ර නිකුත්කරන මහා නගර සභාවේ වගකිවයුතු නිලධාරින් විසිනි.

  නිසි සොයා බැලීමකින් තොරව වෙළද බලපත්‍ර නිකුත්කරන  ඔවුන් පරිසර දුෂණය සදහා ඍජුවම වගකිව යුතුය.

එමෙන්ම  කලපුව වටා සහ ඇලවල් අයිනේ ඇති නිවෙස්වල අපජලය ඍජුවම කලපුවට සහ ඇලවල්වලට මුදා හරින බවද දක්නට ඇත.

 ධීවර ප්‍රජාවට හා පරිසර පද්ධතියට හානියක් ඇති නොවන ආකාරයට සංචාරක බෝට්ටු කර්මාන්තය පවත්වාගෙන යාමට නම් අදාළ බෝට්ටු නියමිත ප්‍රමිතියකින් යුතුව සකස්කලයුතුය.

 පරිසර හිතකාමී අඩුවේග සහිත යාන්ත්‍රික නොවන පරිසර හානියක් නොමැතිව හිරු එළියෙන් ක්‍රියාත්මක වන ඇම්පියර් බලයෙන් අඩු, අඩු වේගයක් සහිත යාත්‍රා සංචාරක බෝට්ටු ලෙස නිෂ්පාදනය කර ඇති බැවින් එවැනි බෝට්ටු පරිහරණයට යොදා ගැනීම .සදහා දිරිගැන්වීම ලබාදිය යුතුව ඇත.

ගමන් කරන මාරගය හා කාලය නිශ්චිතව තීරණය කිරීම  හා සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බෝට්ටු ප්‍රමාණය තීරණය කිරීම සිදු කළ යුතුය.

එමෙන්ම සංචාරක බෝට්ටු නගර සභාව මඟින් නියාමනය කර පවත්වාගෙන යාම මගින් එම සේවාව විදිමත්ව පවත්වාගෙන යාහැකි අත‍ර සංචාරකයන්ට බෝට්ටුවලට ගොඩවීමට ඇති ජැටි සංවර්ධනය කර  අලංකාර ලෙස පවත්වාගෙන යාමද නගර සභාවට තනිවම හෝ පුද්ගලික අංශයේ ආයෝජකයන් සමග එක්ව සිදුකිරීමට හැකියාව ඇත. ඒ සදහාප්‍රධාන ජැටිය ඇතුළු ජැටි වල අයිතිය නගර සභාවට නිරවුල්ව පවරා ගැනීම සිදුකල යුතුව තිබේ.

 

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img