මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02 පර්චස් 24 ක් විශාල මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාපිටි හා එම භූමිය රු. 452,927, 609.02 ක මුදලකට මිලදී ගැනීම සදහා ඉදිරිපත් වූ යෝජනාවක් මිගමුව මහානගර සභාවේ අද 26 දින  පැවති විශේෂ මහා සභා රැස්වීමේදී  ඒකමතිකව  සම්මත විය

මෙම විශේෂ මහාසභා රැස්වීම මිගමුව නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතාගේ(ජාතික ජනබලවේගය) ප්‍රධානත්වයෙන්  නගර සභා රැස්වීම ශාලාවේදී පැවත්විණි.

මෙහිදී නගරාධිපති වරයා විසින් පහත සදහන් යෝජනාව ඉදිරිපත් කරනු ලැබිය

මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාපිටි හා එම භූමිය 1986 වර්ෂයේ සිට සංවර්ධනය කරමින් නඩත්තු කර පවත්වාගෙන යාම මීගමුව මහා නගර සභාව මඟින් සිදු කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02 පර්චස් 24 ක් විශාල මෙම භූමිය දීර්ඝ කාලයක් මුළුල්ලේ මීගමුව මහා නගර සභා පාලනය යටතේ නගරවාසීන්ට අවශ්‍ය පොදු සේවා සැපයීමට යොදාගෙන තිබූ අතර එය ආදායම් උත්පාදනය කිරීමේ ප්‍රභවයක් ලෙසද හඳුනාගෙන ඇත.

මෙම භූමියේ පරම අයිතිය මීගමුව මහා නගර සභාව සතු කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ සිදුකල සාකච්ඡා ගණනාවකින් පසුව රු. 452,927, 609.02 ක ඉතා සහනදායි තක්සේරු වටිනාකම ගෙවීමෙන් මෙම ගනුදෙනුව බේරුම්කර ගැනීමට හැකි බවට එකඟ වී ඇත.

සංචාරක හා ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශය ඒ වෙනුවෙන් රු. 200,000,000.00 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව ප්‍රකාශ කර ඇත.

තවද රු. 452,927,609.02 දක්වා අවම කර ගැනීමෙන් පසු තවදුරටත් රු. 200,000,000.00 ක ප්‍රතිපාදනය ලබාගැනීමට හැකි වී ඇති මෙම අවස්ථාවේදී රු. 200,000,000.00 ක මුදල ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට යටත්ව මෙම දේපළ මීගමුව මහා නගර සභාව සතු කර ගැනීම සඳහා සත්‍ය වශයෙන්ම වැය කළ යුතු මුදල වන්නේ රු. 252,927,609.02 පමණි. එය මෙම සභාවට මූල්‍යමය වශයෙන් වාසිදායක වේ.

එබැවින් “මෙම දේපල අත්පත් කර ගැනීම සඳහා ගෙවිය යුතු අවම වටිනාකම වන රු. 452,927,609.02 ක මුදල ගෙවා රු. 200,000,000.00 ක මුදල ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට යටත්ව එහි අයිතිය මීගමුව මහා නගර සභාව සතු කර ගැනීමට කටයුතු කළ යුතු යැයි මෙම ගරු සභාව යෝජනා කරන්නීය.”

යෝජනාවේ වැදගත්කම පිලිබදව කරුණු පැහැදිලි කල නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා හිටපු නගරාධිපතිතුමා කොමසාරිස් තුමිය ඇතුළු නිලධාරීන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග සිදුකර තිබු සාකච්චාවර කිහිපයකින් පසුව මෙම ඉඩම මිගමුව මහා නගරසභාවට තක්සේරු මුදලට වඩා අඩු මුදලකටපවරන්නඑකගතාවය පලකර තිබෙනවා.

ඒ අනුව මෙම මෙම ඉඩම මිලදීගැනීම සදහා මෙම සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරනබවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

නාගරික මන්ත්‍රී මොහොමඩ් රුස්ඩ් (සමගි ජනබල වේගය)

මෙම යෝජනාව සදහා අපි සහයෝගය දෙනවා අපට දැනගන්නට අවශ්‍යයි මේ මුදල ගෙවන්නේ ණය මුදලක් අරගෙනද එසේ නැත්නම් ස්ථාවර තැන්පතු මුදල් කරලද.ක්‍රීඩා අමාත්‍යංශය අපට මුදල් ලබාදෙන්නේ ප්‍රධානයක් හැටියටද අප‍ට අඩුමුදලකට මෙම ඉඩම ලැබුනත් ආයෝජකයෙකු සමග ගිවිසුම් ගතවන්නේ නම නියම වෙළදපොල වටිනාකම අනුව කටයුතුකළ යුතුයි. මෙම මිලදීගැනීම සදහා යොදවන්නේ ජනතාවගේ බදු මුදල් ඒ සදහා ප්‍රතිලාභයක් ලැබියයුතුයි.

අපට ස්ථාවර තැන්පතුව ඇපයටතබා වසර පහකින් ගෙවන්න ණය මුදලක් ගන්න පුළුවන් නම් එක සැරේ ස්ථාවර තැන්පතුව මුදල් කලොත් ලැබෙන  පොලි අදායම අඩුවීමේන් ඇතිවන මුල්‍යමය  අවදානම අවම වෙනවා.

නාගරික මන්ත්‍රී දිල්ශාන් මෙන්ඩිස් (ස්වාධින)

ඉතා හොද යෝජනාවක් සභාවට මේ යෝජනාව ගෙන්න මහන්සි වූ හැමෝටම ස්තුතියි ඒවගේම ස්තුති කරනවා හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාට නාගරික කොමසාරිස් තුමියට විශේෂ ස්තුතියක් මේ  සභාව්දී කරන්න අවශයි  ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති අතිරේක ලේඛම්  කපිල බණ්ඩාර මහතාට  ඒවගේම ජනාධිපති නීති අධ්‍යක්ෂක විජය බණ්ඩාර මහතාට.

කෝටි 45 ක් එකවර ගෙවන්නේ කොහොමද මේ යෝජනාව අනුව මහානගර සභාව මුළු මුදලම ගෙවල මිලදීගැනීම සිදුකල පසුවයි ක්‍රීඩා අමාත්‍යංශය මුදල් ප්‍රතිපුර්ණය කරන්නේ.මේ ගැන අවබෝදතා ලිපියක් තියෙනවද දැනගන්නට අවශ්‍යයි.ඒවගේම පාපන්දු සම්මේලනය එක්ක දැනට ගිවිසුමක් තියෙනවද අපේක්ෂිත ලාබයක් තියෙනවද  මේ ඉඩමත් මිලදී ගත්තට පස්සේ අවභාවිතවේවිද  ජයාරූප ශිල්පීන්ගේ සංගමය ‘සිංහ සමාජය ,බාලදක්ෂ සංගමය අට ගහන තැන. ඉඩම් වගේ  එහෙම උනොත් ජනතා බදුමුදල් වියදම් කරලා මේ ඉඩම ගැනීමත් මෝඩ ක්‍රියාවක් වනබවද මෙම ඉඩම මිලදීගැනීමෙදී ගෙන ජනතාවට නිවැරදි සේවයක් සැලසීම සදහා ක්‍රියාත්මක වන සැලැස්මක්  දිල්ශාන් මෙන්ඩිස් නාගරික මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

නාගරික මන්ත්‍රී ඩෙක්ස්ටර් ජයකොඩි(ජාතික ජනබලවේගය)

ප්‍රමාද වෙලාහරි නගරාධිපතිතුමා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ 1986 ඉදල සංවර්ධනය කලත් අයිතිය ලබාගෙන නෑ හිටපු පාලකයෝ විශාල වශයෙන් මුදල් නාස්තිකරමින් හදපු ප්‍රයෝජනයට නොගත් ගොඩනැගිලි තියෙනවා ලක්‍ෂ ගණන් ණය අරගෙන ඒ ණය තාමත් ගෙවනවා.

මේ ඉඩම අපට ලබාදෙන්නේ ඉතාමත් අඩුමිලකට පර්චස් එකක් රුපියල් 151000 කට ආසන්න වටිනාකමකටඅඩුම වශයෙන් මේ ප්‍රදේශයේ පර්චස් එකක් ලක්‍ෂ 20 කට වැඩිමිලක් තිබෙනවා  මෑතකදී    ආයෝජන මණ්ඩලය කිසිම ඉඩමක් විකුණලා නෑ බදුතමයි දීල තියෙන්නේ ගරු ජනාධිපති තුමාගේත් විජිත හේරත් අමාත්‍ය තුමාගේ මැදිහත්වීම නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න නියෝජය අමාත්‍ය තුමාගේ උත්සාහය මතයි අපට මෙම අවස්ථාව ලැබුනේ.

නාගරික මන්ත්‍රී දිලිණි (ජයකොඩි සමගි ජනබල වේගය.)

හරිදේට හරිකියන්නත් වැරදි දේට වැරදි කියන්නත් අපට ශක්තිය තියෙනවා වංචා දුෂණ හොරකම් නොකරපු පාලකයන්ට හිමි ගෞරවය ඔවුන්ට ලබාදෙන්න ඒ අය මීගමුවට මේ නගරයට යම් වැඩකොටසක් ඉටුකරලා තියෙනවා මේ යෝජනාවට අපි සහයෝගය ලබාදෙනවා යැයි මන්ත්‍රීවරිය ප්‍රකාශ කලාය.

නාගරික මන්ත්‍රී සජිත් (මොහාන් ස්වාධීන)

නගර සභාවේ ඉඩම් අයිතිය ලබාගැනීමට ගෙන එන යෝජනාවලට අකුල් හෙලන්න එපා නගරාධිපති තුමාට වැරදි උපදෙස් දෙන්න එපා කියල ඉල්ලා සිටිනවා මේ යෝජනාවට සහයෝගය දෙනවා

නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා (ජාතික ජනබලවේගය)

මිගමුව නගර සභාව විසින් ඉදිරි දින කිහිපය තුලදී  සිදුකරන විශාලතම ඉඩම මිලදීගැනීමට අදාළ යෝජනාව තමයි අපි අද සාකච්චාකරන්නේ යන කරණය අවධාරණයෙන් කියා සිටිනවා.මේ සභාවේ මන්ත්‍රීවරුනට සිදුකල හැකිවන්නේ අදායම් උත්පාදන මාරග සහ ඒවා වියදම්කරන අන්දම පිලිබදව තීන්දු ගැනීම පමණයි.අනෙක් කටයුතු සිදුකරන්නේ කොමසාරිස් තුමිය ඇතුළු නිලධාරීමණ්ඩලය. රුෂ්ඩි මන්ත්‍රීතුමා බීච් පාක් එක ගැන කතාකළ එක නගරසභාවට අයිතිය තිබුනානම් අදත් නගර සභාවට අදායම් ලැබෙන තැනක්

මේ ක්‍රීඩාංගනය අවුරුදු 30 හකට තෙවනපාරශවයක්හරහා බදුදෙන්න  පහුගිය පාලන  කාලේ යෝජනා ගෙනාවා සජිත් මන්ත්‍රී තුමාත් අතඉස්සුවා.

අපි පේස්බුක් දාල මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නෑ ලගදීම අපි මාධ්‍ය සාකච්චාවක් පවත්වනවා අපිකරපු වැඩ පෙළ ගස්සවල කියන්න .

මේ නගරයේ පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටුකරන්න කලහැකි හැමදේම අපිකරනවා අපිට ඉන්න නිලධාරී සහ සේවකයින් ප්‍රමාණය අනුව උපරිම සේවයක් ලබාදෙනවා  යයිද සංගීත් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය

ජයාරුපය AI නිර්මාණයකි

 

 

 

 

 

 

 

 

 

 

 

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img