මීගමුව ශාන්ත මරියා විද්යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන අධ්යාපන, විද්යා, තාක්ෂණ, සංස්කෘතික හා වෙළෙඳ ප්රදරශනය “Maryite Expo 2026” කොළබ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් 29 දින විවෘත විය. මෙම ප්රදරශනය.31 දින දක්වා පැවත්වේ
එමෙන්ම එමෙන්ම රුපියල් මිලියන 150ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර (Smart Class Rooms) සහිත සිව් මහල් ගොඩනැගිල්ල ආසිරිගන්වා සිසු අයිතියට පත්කිරීමද සිදුවිය.
මෙම අවස්ථාවට මීගමුව කලාපීය නාහිමි ගරු ශාන්ත කුමාර වැලිවිට පියතුමා, බස්නාහිර පළාත් පෞද්ගලික කතෝලික පාසල් සාමන්යාධිකාරි රංජිත් මදුරාවල පියතුමා, මීගමුව ශාන්ත පීතර දේවස්ථානයේ මීසම් පාලක ජයන්ත වික්රමසිංහ පියතුමා, මීගමුව මහා වීදිය ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක ශාන්ත සාගර පියතුමා සහ විදුහල්පති ගරු සුදත් හේමන්ත පියතුමා ඇතුළු ආගමික නායකයන් ද, මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්ය හා අධ්යාපන ක්ෂේත්රයේ නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ










