මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් කුරණ මේජර් රාජ ක්‍රීඩාංගනයට යාබදව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනය සහඅප ජලය පිරිපහදු පද්ධතිය නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යාමෙන් තමන් වසර 18 ක කාලයක සිට පිඩා විදිනබව ප්‍රදේශවාසීන් පවසති.
අධික මැස්සන් ගහනයක් මේ අශ්‍රිතව බෝවීම අපජලය ගෙමිදුලට ගලා එම අධික දුගදක් වහනය වීම මෙන්ම ස්වසන සහ චර්ම රෝග වැළදීමේ අවදානමකට ද මුහුණ දීමට සිදුව ඇතිබවද ප්‍රදේශවාසින් තවදුරටත් පවසති.
වසර 18 ක් තිස්සේ හිටපු පාලකයන්ට මේ පිඩාව ඉවත්කර දෙන ලෙස කරනලද ඉල්ලීම් වලට කන් නොදුන් බවත් ක්ලින් ශ්‍රීලංකා වැඩසටහන යටතේ හෝ මෙම පිඩාව කඩිනමින් ගමෙන් ඉවත් කරදෙන්නයි ප්‍රදේශවාසින් වත්මන් ජනාධිපති තුමාගේ ගෙන් ඉල්ලාසිටිති.
ජයාරුපය AI නිරමානයකි





