මිගමුව රෝහලේ කුනුකන්ද සෞඛ්‍යට තර්ජනයක්

-

මාස කිහිපයක  සිට මිගමුව මහරෝහලින් බැහැරකරන කසල මිගමුව මහනගර සභාව විසින් රැගෙන නොයාම නිසා රෝහල තුල විශාල කුණු කන්දක් ගොඩ ගැසී ඇති අතර මේනිසා ඒ අසල පිහිටි විද්‍යාලංකාර ජාතික පාසලේ ඉගෙනුම ලබන දරුදැරියන් මෙන්ම අසල්වාසීන් ද බරපතල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී ඇත.

මෙම කුණු ගොඩගසා ඇත්තේ රෝහලේ නැගෙනහිර මායිමේපිහිට  විද්‍යාලංකාර ජාතික පාසලේ  තාප්පය අයිනේ වන අතර මේ කුණු ගොඩේ ඇති අපද්‍රව්‍ය කපුටන් වැනි සතුන් විසින් පාසැල තුලට ගෙනවිත් දමනබවත් මෙම කුණුගොඩ  වරින්වර ගිනි තබන අවස්ථාවේ ඇතිවන දුමාරය හේතුවෙන් ඒ අසල ඇති  බාලාංශ පන්තිවල දරුවන් දැඩි අපහසුතාවයට පත්වනබවත් දෙමවුපියන් මෙන්ම ගුරුවරුද පවසයි.

මෙලෙස කාලයක සිට විශාල කුනුකනදක් ගොඩ ගැසීමට ඉඩකඩ සැලසීමෙන් පෙනීයන්නේ මිගමුව මහනගර සභාවෙන් ප්‍රදේශයේ බදුගෙවන ජනතාවට සේවය ලබාගැනීමට ඇති එකම රජයේ රෝහලට කුඩම්මාගේ සැලකිලි දක්වන බවයි.

අඩුම තරමින් රෝහල අයත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා තමන්ට පැවරී ඇති රාජකාරිඉටු කරනු තබා මාස ගණනකින් රෝහලේ පස්පගා නැතිබව රෝහල තුල පවතින මෙම තත්වය මත පැහැදිලිවේ

.මෙපිලිබදව මිගමුව නාගරික කොමසාරිස් වරයාගෙන් කරුණු විමසීමට අවස්ථා ගණනකදීඅංක 0312222275/76 දරන  දුරකථනවලට  ඇමතුම් ලබාගත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකිවිය

අතර අවසාන දුරකථන ඇමතුමේදී පිළිතුරු සැපයු එම කාර්යාලයේ සිටි නිලධාරී මහත්මියක  කොමසාරිස් වරයා කාර්යාලයෙන් පිටත්ව ගොස් ඇතිබපැවසිය

කොමසාරිස් වරයාගේ ජංගම දුරකථන අංකය විමසුවිට රාජකාරි ජංගම දුරකථනය කාර්යාලයේ දමා ගොස් ඇතිබවත් පුද්ගලික ජංගම දුරකතනයේ අංකය ලබාදිය නොහැකි බවත්  එම නිලධාරී මහත්මිය මෙම ලියුම කරුට දන්වා සිටියේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here