30 C
Negombo
30 C
Negombo

මිගමුව පෙරියමුල්ල හෝටල්වල අසුචි මිශ්‍ර ආහාර -අටදෙනෙකුට නඩු

-

මිනිස් පරිභෝජනය සදහා නොසුදුසු අසුචි මිශ්‍ර ආහාර අලවිකල මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් අටකට නඩු පැවරීමට පියවරගත් බව මිගමුව ම්හා නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එච් ඒ යු එල් ගුණරතන මහතා පවසයි.
මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි දිවා රාත්‍රී විවෘත හෝටල් 15 ක් මහජන සෞඛ්‍ය ප රීක්‍ෂක නිලධාරීන් විසින් 10 දින රාත්‍රියේ පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එම හෝටල් වලින් අටක තිබු මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු ලෙස කුකුළු අසුචි සහිත බිත්තර වලින් සකස්කළ කොත්තුරොටි බිත්තර ආප්ප ෆ්‍රයිඩ් රයිස් ඇතුළු අහාර තිබී ඇත.

 


චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරනලද නිසිපරිදි ලේබල් නොකරන ලද පැකට්කල ක්‍ෂණික අහාර තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර හෝටල් පරිශ්‍රද තිබී ඇත්තේද අපිරිසිදු තත්වයෙනි.
දයාන් ලාන්සා නගරාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමීර අබේසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එච් ඒ යු එල් ගුණරතන මහතා සමග මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන ඩි බි ප්‍රනාන්දු, මංජුල සම්පත්,ඉන්දික ජයතුංග,එස් විජේසිංහ ඉරාන් අප්පුහාමි ඒ යු ඉමන්ත සම්පත් අබේසිංහ යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.