මීගමුවේ ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් මධ්‍යස්ථානයක් -තොග වශයෙන් බෙදා හැරලා

මිගමුව පන්සල පාරේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී  රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් මධ්‍යස්ථානයක් සහ අලවි සැලක් මිගමුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් වටලනු ලබයි.

26  දින මිගමුව පොලිසියේ නිලධරීන් විසින් පන්සල පාරේ නිවාස සෝදිසි කිරිමික් සිදුකර ඇතිඅතර එම සෝදිසි මෙහෙයුමට සහභාගිවූ පොලිස් සැරයන් 22565 මාරසිංහ නිලධාරියා විසින් සෝදිසියට ලක්කළ නිවසක සැකකටයුතු යමක් සිදුවන බව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක  ජේ එම එස් ජ්යනාත මහතාට දැනුම්දීමක් කර ඇත.

මේඅනුව පන්සල පාරේ අංක 27/3 දරන නිවස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී විසින් පරීක්‍ෂාවට ලක්කර ඇති අතර විවිධ වෙළද නාම සදහන් ඇසුරුම් කරන ලද රූපලාවන්‍ය ආලේපන ඇතුලත් පෙට්ටි,මෙන්ම විවිධ ප්‍රමාණයේ  හිස් ප්ලාස්ටික් ඇසුරුම්. 6000 කට අධික ප්‍රමාණයක් ඇසුරුම් බහාලීම සදහා මුද්‍රණය කරන ලද විවිධ වෙළද නාම සදහන් හිස් පෙට්ටි සමග 50 හැවරදී මොහොමඩ් බුහාරි මොහොමඩ් හිජාස් නමැති අය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් හිජාස් ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරවු වී ඇති කරුණු අනුව මීගමුවේ ග්‍රීන්ස් පාරේ පිහිටි රූපලාවන්‍ය ආලේපන තොග සහ සිල්ලරට අලවිකරණ ව්‍යාපාරිකයෙකු විසින් ගෙනැවිත් දෙන  ඇසුරුම් වල ඇති ආලේපන අලුත් ඇසුරුම් වලට පුරවා සකස් කර දෙනබවද ඒ සදහා එක අසුරුමකට රුපියල් 10 ක මුදලක් ගෙවන බවද ප්‍රකාශ කරතිබේ.

මේ අනුව ග්‍රීන්ස් පාරේ පිහිටි ව්‍යාපාරික ස්ථානය පරික්ෂා කිරීමේදී පන්සල් පාරේ හිජාස්ගේ නිවසින් හමුවූ වර්ග වලට අයත් ආලේපන තොගයක් සමග එහි සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දැනට සිදුකර ඇති පරීක්ෂණ වලට අනුව ප්‍රමිතියකින් තොර අඩුමිලට ලබාගත හැකි ආලේපන වර්ග අලුත් ඇසුරුම්වල පුරවා ඉහල මිලගණන් සහිත වෙළද නාම සහිත ලේබල් අලවා ව්‍යාජ නිෂ්පාදන සහ  කලිකුත්වීමේ දින කාණ්ඩ අංක සදහන් කර අලවිකරණ බව අනාවරණය වී ඇත.

ඇසුරුම් මුද්‍රා කිරීමට යොදාගත් උපකරණ ව්‍යාජ ඇසුරුම් පෙට්ටි මුද්‍රණය කල මුද්‍රණාල ආදිය සහ ව්‍යාපාරිකයා සහ තවත්   සැකකරුවන් ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම  සදහා මිගමුව  මුලස්ථාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මෙම වැටලීම කල  පොලිස්  නිලධාරී කණ්ඩායමේ සාමාජිකයන් ලෙස  උපපොලිස් පරීක්ෂක චතුර රත්නායක පොලිස් රියදුරු 16529 සංකල්ප සිවිල් ආරක්ෂක ජේ එන් ජයතිලක 24437 මහතා  කටයුතු කරනු ලැබීය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img