32 C
Negombo
32 C
Negombo

බෞද්ධ  පෙරහැරක ඇත්තේ අපගේ සිංහල සංස්කෘතියේ ලක්ෂණ- vi වන බෙනඩික් මධ්‍යස්ථානයේ ගරු රන්දික පෙරේරා පියතුමා

-

බෞද්ධ  පෙරහැර අපගේ සිංහල සංස්කෘතියේ ලක්ෂණ අපේ දරුවන්ට දැකගන්නට ලැබෙන මහගු අවස්ථාවක් බව මිගමුව vi වන බෙනඩික් මධ්‍යස්ථානයේ ගරු රන්දික පෙරේරා පියතුමා ප්‍රකාශ කළේය.

උන්වහන්සේ මෙම ප්‍රකාශය කලේ බෝලවලාන ජයසුදර්ශනාරාම විහාරස්ථානයේ  දුරුතු පෙරයි -හැර ආරම්භක අවස්ථාවට සහභාගිවෙමින් පැමිණ සිටි බැතිමතුන් අමතමින් කරනලද දේශනයේදීය.

මෙවැනි උත්කෘෂ්ඨ පෙරහරක් මෙම ප්‍රදේශයේ පැවැත්වීම ගෞරවයක් එමෙන්ම පෙරහැරක අලංකාරත්වය අපේ දරුවන්ට දකින්නට ලැබෙන මහගු අවස්ථාවක් වෙනවා.

සර්ව ආගමික පරිසරයක එකිනෙකාගේ සුහදත්වය  ආගම අතර තිබෙන සහෝදරත්වය දහමේ තිබෙන පෝෂණය සංස්කෘතියේ ධනවත්කම කියාපාන්නට මෙවැනි අවස්ථාවකට පුළුවන් කම ලැබෙනබවද ගරු රන්දික පෙරේරා පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජයසුදර්ශනාරාම විහාරස්ථානය ආරම්භ කිරීමේදී ඒ සදහා නායකත්වය ලබාදුන් දිවංගත  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාත්  වසර 11 හකට පසුව මෙම පෙරහැර නැවතආරම්භ කිරීමට විහාරාධිකාරී ස්වාමීන්වහන්සේලාගේ සහ  දායක සභාවේ උත්සාහය සාර්ථක කරගැනීමට තමන්ගේ විමධ්‍යගත අරමුදලින් ලක්ෂ තුනක ප්‍රතිපාදන ලබාදෙමින් සහයෝගය ලබාදුන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා  සමග  පෙරහැර කරඩුව මංගල හස්තියා මත තැන්පත් කිරීම සහ පළමු මල්පුජාව පැවැත්වීම සිදුකළේය

&;

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.