FB, Whatsapp, Twiter ආරක්ෂක අමාත්‍යංශයෙන් අධීක්ෂණයේ…. ඇත්තක්ද ?

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

වට්සැප් , ෆේස්බුක් සමාජ මාධ්‍යන් තුලින් සරුවටම “ හෙට සිට නව සංන්නිවේදන රෙගුලාසි “ නමින් පුවතක් ඉතාමත් වේගයන් ජනතාව අතර පැතිරීයන බවක් දක්නට ලැබුණු අතර මෙහි ඇතුලත්වන සමහරක් දෑ නිසා සාමාන්‍ය ජනයා තමන්ගේ පෞද්ගලිකත්වයට රජය මගින් බාධා එල්ලවේ යැයි බියකින්ද පසුවන බව දක්නට ලැබුණි.

මෙම පණිවිඩයෙහි සදහන් වන ආකාරයට ජනතාව ලබාගන්නා සියලුම දුරකථන ඇමතුම් පටිගතවන අතර සමාජ මාධ්‍ය යෙදවුම් හරහා යවන පණිවිඩ සියල්ලම පාහේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ අධීක්ෂණය කරන බවත් ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය සියල්ලන්හෙම පලකරන වීඩියෝ පට , චායාරූප ආදියත් යවන පණිවිඩ වලට අමතරව අධීක්ෂණයට ලක්වන බව පැවසේ.තවද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය දෑ ප්‍රචාරය කළහොත් එම පුද්ගලයාව අන්තර්ජාල අපරාධ යටතේ පොලිසියට අත්තඩංගුවට ගතහැකි බවත් එහි දක්වා තිබේ.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස පැවසීමට ඇත්තේ මෙම “ නව සන්නිවේදන රෙගුලාසි “ නම් ව්‍යාජ පුවත ජනතාව නොමග යැවීමට යම්කිසි පිරිසක් විසින් දරනා උත්සහයක් බවත් මෙවැනි පුවත් ඔබට ලැබුනහොත් ඒවා පිලිබදව කිසිදු සොයාබැලීමකින් තොරව ප්‍රචාරයට යාමෙන් වලකින ලෙසයි.

තවද සමාජ මාධ්‍ය යෙදුම් හරහා ජනතාව හුවමාරු කරගන්නා පණිවිඩ කිසිදු විටෙකත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් අධීක්ෂණයට ලක් නොකරන බවත් ඒ සදහා අවශ්‍ය තාක්ෂණය හෝ පහසුකම් මෙරට නොමැති බවත් එසේ සමාජ මාධ්‍ය අඩවි මගින් හුවමාරු වන පණිවිඩ චායාරූප වීඩියෝ ඇතුළු දත්ත සියල්ලම අධීක්ෂණය කිරීමට එම සමාජ මාධ්‍ය ජාලවල අනුමැතිය ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් ඉතාමත් වගකීමකින් යුක්තව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ප්‍රකාශ කරමු.

තවද 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ හෝ 2007 සයිබර් අපරාධ වැළැක්වීම සඳහා වූ පනත යටතේ හෝ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධ පනත සහ 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ සමාජ මාධ්‍ය අඩවි වල පලකරන දෑ පිලිබදව පොලීසියට කිසිවෙකුත් අත්තඩංගුවට ගැනීමේ හැකියාවක් නැවති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස වගකීමෙන් සදහන් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

අන්තර්ජාලය

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img