31 C
Negombo
31 C
Negombo

ජනතාවගේ ජිවිත අවදානම ගැන තබයකට මායිම් නොකරන – මිගමුව මහනගර සභාවේ නිලධාරීන්

-

මිගමුව මහනගර සභාවේ රාජකාරි  පැහැරහරින සේවක පිරිසක් සිටින බවත් ඔවුන් නිසා මහජනතාව අසීරුවට පත්වීම මෙන්ම නගරාධිපති වරයා ඇතුළු මහජන නියෝජිතයන්  විවේචනයට ලක්වන අවස්ථා ඇති බවත්  වාර්තාවේ.

පෙබරවාරි  26 දින පැවති මිගමුව කොට්ටාශයේ මාර්ග ආරක්ෂක කමිටු රැස්වීමේදී නගරසභාව වෙත යොමුකරන ලද කමිටු යෝජනා සම්බන්ධයෙන් මාස කිහිපයක් ගතවනතුරු පියවර නොගැනීම පිලිබදව කමිටු නියෝජිතයන් කරුණු දක්වනු ලැබීය.

මිගමුව ම්හාවිදියේ පුඩ්සිටිය ඉදිරිපිට ඇති අනතුරුදායක ගසක් ඉවත් කරදෙනලෙස  නගරසභාවෙන් ලිඛිත ඉලිලීම් කර ඇතත් එය ඉටුකර නැතිබව  මෙවර මාර්ග ආරක්ෂක කමිටු රැස්වීමේදීද සාකච්චාවට භාජනය විය.

දැවමය වටිනා  කමක්ද නොමැති මෙම ගසෙන් කොටසක් මෙයට පෙර කඩා වැටිඇති අතර ඉදිරි වැසිසමයේ ගස ඉගිලී වැටීමේ අවධානමක් ඇතිබවත් එහිදී ජිවිත මෙන්ම දේපල හානි සිදුවිය හැකිබවට කමිටු සාමාජිකයන් පෙන්වා දෙන ලදී.

රාජකාරි වෙලාවතුල සේවය ලබාගැනීමට පැමිණෙන මහජනතාව පිළිබද සැලකිල්ලට වඩා  ජංගම දුරකථනය පිලිබදව වැඩි අවධානයක් දක්වන කාර්ය මණ්ඩලයේ  පිරිසක් සිටිනබවද ජනතාව පවසයි.

මෙම තත්වයන් නිවැරදි කිරීම මිගමුව මහා නගර සභාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා  වන නාගරික කොමසාරිස්තුමියගේ වගකීමකි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.