31 C
Negombo
31 C
Negombo

කටානේ එජාපයේ පොදු දේපල මංකොල්ලයට කටාන ප්‍රාදේශීය සභාවේදී දැඩි විරෝධය

-

පොදු ස්ථාන සංවර්ධනයට වෙන්කර ඇති  කටාන ජලයෝජනා ක්‍රමයේ ජලනල එළිම සදහා කපන කාණුවලින් ගොඩදමන පස් ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරු  පිරිසක් එම පස් විකිණීමේ නීතිවිරෝධී මුදලට විකිණීමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු හෙළිවෙයි.

මෙම තොරතුරු හෙළිදරවු වුයේ අද පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීමේදීය. සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී රැස්වීම පැවැත්විණි.

මෙහිදී අදහස් පලකල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මර්වින් පිරිස් මහතා මෙම පස් ජාවාරමට කටාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක ව්රියද වගකිවයුතු බව ප්‍රකාශ කල අතර මෙවැනි කටයුතු නිසා අමාරුවෙන් ගොඩනගා ගත් කටානේ  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය විනාශ වනබවද සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් මෙම පස් ජාවාරම පිලිබදව කරුණු පැහැදිලි කල මර්වින් පිරිස් මහතා ජලනල එළිම සදහා දිනකට විශාල පස් කියුබ් ප්‍රමාණයක් ඉවත් කරනබවද අද වනවිට පස් රත්‍රන් මෙන් වටිනබවද  මේ පොදු දේපොළ මංකොල්ලයට එරෙහිව සටන් කරන බවද පැවසිය.

 

http

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.