31 C
Negombo
31 C
Negombo

මතින් නිදහස් රටක් බක්මහ දිවුරුමට බේදයකින් තොරව එක්වෙමු

-

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන ,බක්මහ දිවුරුම, අපේ‍්‍රල් 03වනදා සිදු කෙරේ.

එහි ප‍්‍රධාන උත්සවය අපේ‍්‍රල් 03 වනදා පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු ඊට එක්කර ගැනීමට නියමිතය. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වනු ඇති.

මෙම අවස්ථාව විද්‍යුත්  මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කෙරෙන අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලුදෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක් කර ගැනීමට නියමිතය.

අපේ‍්‍රල් 03 වනදා පෙ.ව 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර, පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබාදීම සිදු කෙරේ.

දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමග එක්වීමට නියමිතය. ඒ අනුව පෙ.ව 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද, පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.