මත්වී රියධාවනයකලොත් 25000 ක් දඩ

-

රථ වාහන වැරදි පහක  අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනයක් ඊයේ  මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත..

එම  රථ වාහන වැරදි වනුයේ    වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය,  රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ.  මීට අමතරව වමෙන් ඉස්සර  කිරීමේ දඩයද වැඩි කර ඇත.

නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර  නීතියක් බවට පත් කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය  කරීමටත්  අපේක්ෂා කරන බව  ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ar1

ar22

ar1

ar44

+-

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here