30 C
Negombo
30 C
Negombo

මිනුවන්ගොඩ සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරයට

-

මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශවල ඊයේ රාත්‍රී ඇතිවූ නොසන්සුන් හා ප්‍රචණ්ඩකාරි සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

හදිසි අවස්ථා රෙගුලාසි හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ වන

විශේෂ අධිකරණ ප්‍රතිපාදන යටතේ මොවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.

මේ යටතේ මෙම සැකකරුවන්ට ඇප ලබා ගැනීමට හැකියාව ඇත්තේ මහාධිකරණයකින් පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සැකකරුවන් 9 දෙනෙකු සහ අද පෙරවරුවේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර , අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.