29 C
Negombo
29 C
Negombo

ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු ඇමති – පාස්කු ප්‍රහාරයට ගොදුරුවූ කටුවාපිටිය දේවස්ථානය නිරීක්ෂණයේ

-

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (3) පාස්කු ඉරුදින ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙතපැමිණි  එහි නිරීක්ෂණ සංචාරයකට එක්විය.

මෙම අවස්ථාවට   ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගිවිය.  . දේවස්ථානය තුළ සිදු වූ බෝම්බ ප‍්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකිකයන්  දෙදෙනෙකු ද ජිවිතක්ෂයට පත් විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශකළ අමාත්‍ය පීටර් ඩට්න් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාම වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයා ප්‍රමුක රජයේත් ජනතාවගේත් ශෝකය ප්‍රකාශ කරන බව ද තුවාල ලැබුවන් ඉක්මනින් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන බවද ප්‍රකාශ කළේය.

දේවස්ථාන ඉදිකිරිම කටයුතු සදහා ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබාදෙන බවද සදහන් කල අමාත්‍ය වරයා ඉදිකිරීම් සිදුකරන ශ්‍රීලංකා යුධහමුදාවේ නිලධාරීන් සමගද සුහද කතාබහක නිරතවිය.

මියගිය බැතිමතුන් සිහිකරමින් අමාත්‍ය වරයා දේවස්ථානය තුල මල්කලබක් තැන්පත් කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.