විජයමුණි සොයිසාට කටානේදී එජාප සාමාජිකයන් උසුළු විසුළු කර හූ කියයි

-

එක්සත් ජනතා නිදහස් පෙරමුණේ පත්කළ මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයාට කටානේ එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය දක්වති.

කටාන එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් විසින් සංවිධානය කල හමුවක් අද(2)  කදවල උත්සව ශාලාවකදී පැවැත්වුනේ  විජයමුණි සොයිසා මන්ත්‍රී වරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම හමුව පැවැත්වෙන අතරතුර තවත් එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් එම උත්සව ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය .

උත්සව ශාලාවෙන් එලියට පැමිණි මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පාක්ෂිකයන් ගෙන දැඩි විරෝධ තාවයක් එල්ල වනු දක්නට ලැබුණි.

පාක්ෂික හමුව සංවිධානය කල පිරිස සහ විරෝධතා  දැක්වූ පිරිස අතර ඇතිවන්නට ගිය උණුසුම් තත්වය පොලිසිය මැදිහත්ව සමතයකටපත්කළ අතර විරෝධතාවය පිලිබදව කිසිත් ප්‍රකාශ නොකළ විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා විරෝධතා කරුවන්ගේ උසුළු විසුළුමැද එම ස්ථානයෙන් ඉවත්ව ගියා

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here