මදුරුකීටයන්ට ගෙවල් හැදුවාට – 225000 දඩයක්

-

මදුරු කීටයන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන ගිය  45 දෙනෙකුට රුපියල් 225000 ක දඩ මුදලක් මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ගොඩ්ප්‍රීරිකුරේ මහතා  (අද) ජුනිමස 6 වනදින විසින් නියම කළේය.

මදුරු කීටයන් බෝවීමට හැකිවනලෙස පරිසරය පවත්වාගෙන ගියබවට චෝදනා ඉදිරිපත් කරමින්  මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් 2012 මහජන පීඩාවට පත්කිරීමේ ප්‍රඥාප්තිය යටතේ මෙම 45 දෙනාට එරෙහිව  නඩුපවරා තිබු අතර 45 දෙනාම වරද පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් එක්අයෙකුට රුපියල් 5000 බැගින් දඩ මුදලක් නියම කළේය.

මිගමුව මහානගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් වී ඒ ගුණරතන     මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන ඒ  ඉවන්ත හේමන්ත ජයසුරිය යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය .

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here