32 C
Negombo
32 C
Negombo

චිනාගේ ඒත්තුකාල හොර සන්නිවේදන ජාලයේන් සක්‍රිය කරනලද සිම්පත් 17152 අත්අඩංගුවට

-

මිගමුව ඒත්තුකාල සිල්වෙස්ටර් පෙදෙසේ නීතිවිරෝධී දුරකථන සන්නිවේදන ජාලයක් පවත්වාගෙනගිය 35 හැවරදී චීනජාතිකයෙකු සමග කල්පිටියේ සහ මීගමුවේ පදිංචි තරුණයන් දෙදෙනෙකු විශේෂ කාර්යබලකාය විසින් අද  7 දින අත්අඩංගුවට ගනුලැබිය.

කුලියට ගත් නිවසක මෙම සන්නිවේදන ජාලය පවත්වාගෙනගොස්තිබුනි  පැය විසිහතරපුරාම ක්‍රියාත්මක වන ඇපල් වර්ගයේ දුරකථන 416 කින් සහ අන්තර්ජාල සම්බන්ධතා ලබාගත හැකි රවුටර් 60 ද මෙම නීතිවිරෝධී සන්නිවේදන ජාලයට සම්බන්ද කර තිබී ඇත.

දේශීය මෙන්ම විදේශීය විවිධ දුරකථන සන්නිවේදන සමාගම් වලින් ලබාගත් සක්ක්‍රිය කරන ලද සිම්පත් 17152 ක් ද මොවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

විදුලිය බිදවැටීමකදී  ස්වයංක්‍රීයව පණගැන්වෙන  විදුලි උත්පාදක යන්ත්‍රයක් ද සවිකර තිබිණි.

චීන ජාතිකයාට විසා නොමැතිබව මෙතෙක් කරන ලද විමර්ශන වලදී හෙළිදරවු වී ඇති අතර  වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට බාරදීමට නියමිතය.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.