පාවෙන හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සැලැස්මකට මුවාවෙමින් දිවුලපිටිය බෝලගල ප්‍රදේශයේ සිදුකරන මහාපරිමාණ මැටි කැපීම පිටුපස භූවිද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය සහ ජලසම්පත් මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
වසර ගණනාවක සිට මෙම මහාපරිමාණ පරිසර විනාශයට එරෙහිව අරගල කරන බෝලගල ප්‍රගති ග්‍රාම සංවර්ධන සමිතිය ග්‍රාම නිලධාරී වරයාගේ සිට ජනාධිපති තුමා දක්වා පැමිණිලි ඉදිරිපත්කර කර ඇතත් තවමත් මැරබලය සහ ධනබලය යොදාගනිමින් සිදුකරන මැටි කැපීම නතරකිරීමට බලධාරීන් පියවර ගෙන නැත.
මැටි වැලි කැපීම සදහා අටවනු ලැබූ මේ ව්‍යාජ පාවෙන හෝටල් ව්‍යාපෘතිය සදහා ජනාධිපති සම්මානයක් ලබාදීමට භූවිද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය කටයුතු කලොත් එය පුදුමයට කාරණයක් නොවන බව බෝලගල ප්‍රගති ග්‍රාම සංවර්ධනසමිතියේ ක්‍රියාකාරීන් ප්‍රකාශ කරති.
ඇතිවූ පරිසරහානිය හේතුවෙන් ලිං සිදීයාමෙන් ගම්වාසීන්ට දෛනික අවශ්‍යතා සදහා අවශ්‍ය ජලය ලබාගැනීම බලවත් ගැටලුවකට පත්ව තිබේ.
අක්කර දෙකක් සදහා බලපත්‍ර ලබාගෙන ඇති මෙම ව්‍යාපාරිකය විසින් මේවනවිට අක්කර දහතුනක පමණ ප්‍රදේශයක ඉතා ගැබුරු වලවල් කපමින් දෛනිකව වැලි සහ මැටි ලොරි සිය ගණනක් ප්‍රදේශයෙන් පිටතට රැගෙන යමින් විශාල පරිසර හානියක් සිදුකරන බව ප්‍රදේශ වාසීන් පෙන්වා දෙති.
ප්‍රදේශවාසීන් විසින් ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කල මෙම මැටිවලට යාබද ඉඩමද මේවනවිට විශාල වලක් බවට පත්කරමින් මැටිවැලි කපා විකුණා ගැනීමට මෙම ව්‍යාපාරිකයා සමත්ව ඇත.
මෙම අපරාධය පිලිබදව ඇති සැබෑ තොරතුරු වසන්කරමින ව්‍යාජ පාවෙන හෝටල් ව්‍යාපෘතිය පිලිබදව පුවත්පත් වලට ලිපිලියන අන්තර් ජාලයට කෙටි වාර්තා වැඩසටහන් මුදා හරින භූවිද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයඅංශයේ නිලධාරීන් මෙම කුප්‍රකට ව්‍යාපාරිකයාගේ අතකොලුවක් බවට පත්වී ඇතිබවට සැකයක් ප්‍රදේශවාසීන් ප්‍රකාස කරයි.
ක්‍රීඩා පිටිය එදා
ක්‍රීඩා පිටිය අද
This is a great help for the Bolagala People revealing the truth behind this destruction.
No media channel or newspaper came forward for our voice. They all were purchased by clay Mafia. Now, it is proved that still there are few people that cannot be tackled with the money. We need to stand with the truth, law and the justice. This is the correct picture of Bolagala Floating Resort
ජීවන දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු ඒ මත සිටිනවා පමණි. ඔබ අපගේ ඉඩම් ලබා ගැනීමට සිතන ආකාරයටම ඔබගේ දෙවියන්ද ලබා ගැනීමට හැකි වෙතැයි සිතනවා විය හැකිය. එහෙත් ඔබට එය සිදු කළ නොහැකිවනු ඇත. ඒ ඔහු “ මිනිසාගේ දෙවියා ” වන බැවිනි. ඔහුගේ අනුකම්පාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාටද එක සමාන වනු ඇත. මහ පොළව ඔහුට වටිනා සම්පතක් වනු ඇත. එසේම මහ පොළවට හානි කිරීම, එහි නිර්මාතෘවරයාට හානි කිරීමට තැත් කිරීමක් වනු ඇත.
— රතු ඉන්දියානු නායක සියැටල් .
ජඩ මාධ්‍යවේදින් දුරාල ට කඩේ යන අතරේ තවමත් මින්සුන් අප අතර සිටිනා බව අපට පෙන්නූ negombotaday.lk ඔබට අපගේ භක්ති ආදරය මෙයින් පුද කර සිටිමු.
මේව මහ කැත වැඩ, මිනිස්සුන්ට වතුර ටිකක් බොන්න ඉතුරු කරන්නෙ නැති කාලකන්නි බල්ලො
Really a pathetic situation… These governing people try to earn more money by letting the environment into danger by thinking that they succeeded in their aim. They earn more money, but they do not know that they cannot eat more than the size of their stomach. They do not know how useless the earned money is by putting others in miserable situations….
We will make this post the most viewed post. Now it has been viewed by many including overseas people as per our request. Cheers to Negombotoday.lk
thank you negombotoday.lk