ජනාධිපතිවරණයට දින ළං වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යුඑන්පිය බය බිරාන්ත වෙලා

රටට ආදරයක් ඇත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයාට සහාය දීම මිස ඔහුගේ කකුලෙන් ඇදීම නොවන බව ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සාපයෙන් රට මුදා ගැනීමට නම් ශක්තිමත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව පැවසූ රණතුංග මහතා සියලු ජනතාවගේ කැමැත්ත දිනාගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් සිරිසේන මහතාට ඇතැයි කිසිවකුත් විශ්වාස නොකරන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවකට මිනුවන්ගොඩ දි අද(09) උදෑසන එක්වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක ජනාධිපතිවරණයට තව තියෙන්නේ මාස තුනක පමණ කාලයක්. ව්‍යවස්ථානුකූලව නොවැම්බර් මාසේ 08 වැනි දා සහ දෙසැම්බර් 08 වැනි දා අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණයට දින ළං වෙන්න වෙන්න එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බය බීරාන්ත වෙලා ඉන්න බවක් පෙනෙන්නට තිබෙනවා.

ජනාධිපතිවරයා වගේම අගමැතිවරයා ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරණයට බය වෙලා තියෙන්නේ මේ පාර ජනාධිපතිවරණය දිනන්න බැරි බව ඒ අය නිසැකවම දන්න නිසයි. ඒ නිසා තමයි අපට දැන් දැන් ආරංචි එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ජනාධිපතිවරණය කල්දමා ගන්න සමහරු උත්සහ දරනවා කියලා. හැබැයි ජනතා අධිකරණය නම් තින්දු කරලා තියෙන්නේ ජනාධිපතිවරණය තියලා මේ හොරු රැල එලවන්න ඕනේ කියලයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගේම එක්සත් ජාතික පක්ෂයටත් දැන් අනාගතයක් නැහැ. 2015 දී දින සීයෙන් රට හදන්න ආපු යහපාලන ආණ්ඩුව දින 30න් මහ බැංකුව කොල්ලකාලා ආරම්භ කරපු ජනතා සම්පත් කොල්ලය දැන් බරපතළ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපි දැක්කා ගම්පෙරළිය කියන සෝබන නාඩගමේ පූර්ව ප්‍රචාරක කටයුතුවලට විතරක් රුපියල් ලක්ෂ 4900ක් ගෙවන්න කැබිනට් අනුමැතිය ඉල්ලලා තියෙනවා කියලා.

වැඩේ කියන්නේ මේ ආණ්ඩුව රුපියල් ලක්ෂ 4900ක් ගෙවලා පුර්ව ප්‍රචාරක කටයුතු කරලා තියෙන්නේ ජනතාවට තඹ සතයක ප්‍රයෝජනයක් නැති වැඩවලටයි. තව එක්කෙනෙක් ඉන්නවා වන්දනීය පූජනීය පියාගේ නාමයෙන් වැඩ කරන. ඒ තමයි අපේ සජිත් ප්‍රේමදාස වෙන්ඩ ජනාධිපතිවරයා. එතුමාගේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන ගම් උදාවේ පෝස්ටර් ගහන්නත් තවත් බර වියදමක් යනවා.

ගමේ පාරක්වත් කාපට් නොකරපු යහපාලන ආණ්ඩුව ප්‍රචාරක වැඩවලට කිය කියා රුපියල් කෝටි ගණන් සල්ලි ගන්නේ තමන්ගේ හිතවතුන්ගේ ඇඩ්වර්ටයිසින් කොම්පැණි පෝසත් කරන්නයි. මුදල් ඇමැතිවරයාගේ හිතවතුන් පිරිසක් තමයි මේ ප්‍රචාරක කටයුතු භාරව ඉන්නේ. ඉන්න හිතෙන රටක් කියලා පෝස්ටර් ගහන්නේ ජනතාවට ඉන්න හිටින්න නැති වෙච්ච රටක වීම තමයි ශෝකජනක කාරණාව.

ජනාධිපතිවරයා කල්පනා කරනවා කොහොමද මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ ගෙදර නොයා ජනාධිපති පුටුව තවදුරටත් ආරක්ෂා කරගන්නේ කියලා. අගමැතිවරයා නම් ඉතින් එලෙව්වත් යන්නේ නැති කෙනානේ. එතුමත් බලනවා සජිතිලා, කරුලා ජනාධිපති අපේක්ෂකත්වයට පොරකමින් ඉන්න කොට අඩුගාණේ විපක්ෂ නායකකමවත් බේරගෙන ගේමක් ගහන්නේ කොහොමද කියලා.

ඒ අස්සෙන් දයාසිරිලා වෙනම ගමනක් යනවා. දයාසිරි දන්නවා මෛත්‍රිපාල ජනාධිපතිවරයා ගෙදර ගියොත් තමන්ට ගෙදරවත් යන්න බැරි වෙන බව. ඒ නිසා ජනාධිපති ධුරයේ කාලසීමාව ගැන නොයෙකුත් විකාර අදහස් ජනතාවට කියනවා. දයාසිරි කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් කියන එක පැහැදිලියි. දයාසිරිට ඕනේ පොහොට්ටුවට සහය නොදී නිදහස් පක්ෂයත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඡන්ද ටික කඩන්නයි.

අද රටේ තත්ත්වය දිහා බැලුවම පැහැදිලිව පේනවා මෛත්‍රිපාල ජනාධිපතිවරයට යළිත් වතාවක් ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කරන්න බැරි බව. ජනාධිපතිවරණයකින් තියා ගම් සභාවක්වත් දිනන්න බැරි තරම් එතුමාගේ ජනප්‍රියත්වය පිරිහිලා. ඒ නිසා මේ පාර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් අපි රටේම පිළිගැනීමක් තියෙන හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ.

නිදහස් පක්ෂයට එහෙම අපේක්ෂකයෙක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් මේ අපේක්ෂකයා එන්න ඕනේ පොදුජන පෙරමුණෙන්. පොදුජන පෙරමුණ කියන්නේ මේ වෙද්දි රටේ තියෙන ලොකුම පක්ෂය. මහින්ද මහත්තයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි නිසා අපි එකතු වෙලා එතුමට අවස්ථාව දිලා තියෙනවා එතුමා කැමැති අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට නම් කරන්න කියලා.

ඒ අපේක්ෂකයා අගෝස්තු මාසේ 11 වැනි දා ඉදිරිපත් කරනවා. අපිට නිසැකවම කියන්න පුළුවන් ඒ ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනතාවගේ කැමැත්ත ලබන, රට ගොඩගැනීමේ ශක්තියක් ඇති අපේක්ෂකයෙක් කියලා. දැන් නිදහස් පක්ෂයේ අය කරන්න ඕනේ අපි දාන අපේක්ෂකයාගේ කකුලෙන් අදින එක නෙමෙයි. රටට ආදරයක් තියෙනවා නම් අපට සහය දෙන එකයි ඒ අයගේ යුතුකම.

රනිල් වික්‍රමසිංහ කියන රටට හානිදායක අගමැතිවරයාගෙන් රට ගලවා ගන්න අපට ලැබෙන අවස්ථාව මේකයි. 2015 දී සිරිකොතේ ඉඳුල් කන්න ගියා වගේ මේ පාරත් ද්‍රෝහි වුණොත් නැවත වතාවක් අපට ඉඩක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි කවුරුත් මේ වෙලාවේ පෞද්ගලික වාසි නොතකා රට වෙනුවෙන් තීන්දුවක් ගන්න ඕනේ. ඒ ගන්න තීන්දුව මත තමයි ජනතාවගේ ඉරණම තීන්දු වෙන්නේ.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img