හේමසිරිගේ හෙළිදරවුව

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු ඇතුළත් විශේෂ හෙළිදරව්වක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රහස් පොලිසිය හමුවේ සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

අධිකරණ නියෝගය මත පසුගියදා රහස් පොලීසිය වෙත පැමිණ පැය 9ක දීර්ඝ ප්‍රකාශයක් ලබාදුන් හෙතෙම පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු අංශ මෙන්ම එය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ වගකිවයුත්තන් ගැන සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මේ ගැන බුද්ධි තොරතුරු ලැබුණ ආකාරය, එම තොරතුරු නිල වශයෙන් දැන සිටි තැනැත්තන් ඒවා ගැන විධිමත් පියවර නොගෙන අතපසු කළ තැනැත්තන් කවුද යන්න හේමසිරි ප්‍රනාන්දු විසින් හෙළිදරව් කර ඇත්තේ පළමුවරට බව කියැවේ.

බුද්ධි අංශ තොරතුරු විදේශ බුද්ධි සේවාවන් විසින් කල්තබාම සපයා තිබියදී ඒවා තහවුරු නොකළ වාර්තා ලෙස ඉහළට දැන්වූ ප්‍රබලයන් කවුද යන්නත් ඔහු විසින් සඳහන් කර ඇතැයි වාර්තාවේ. ලැබුණ බුද්ධි තොරතුරු අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදය ඔස්සේ විශ්ලේෂණය නොකර අතපසු කළ අය, තොරතුරු ලැබී දින 14ක් කල් මැරූ ප්‍රබලයන් හා “වට්ස් ඇප්” මගින් බුද්ධි තොරතුරු හුවමාරුව වැනි අනුවණ ක්‍රියා නිසා මෙම සාහසික ප්‍රහාරය සිදුකළ තැනැත්තන්ට සිය කටයුතු සඳහා දොරවල් විවෘත වූ ආකාරයද ඔහු විසින් හෙළිදරව් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

කෙසේ හෝ අදට හරියටම මාස තුනකට පෙර සිදුවූ මෙම සාහසික ප්‍රහාරයෙන් 270කට ආසන්න පිරිසක් මරණයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලදහ.

දේශය

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img