31 C
Negombo
31 C
Negombo

මාලු ගන්න පිම්මේ ආ ලොරියේ ගැටුණු යතුරුපැදිකරු මියයයි- දියණියට බරපතලයි

-

බරවාහන පැදවීමේ වලංගු  රියදුරු  බලපත්‍රයක්  නොමැතිව ලොරියක් ධාවනය කර මාරක රිය අනතුරක් සිදුකල 37 හැවරදි    රියදුරා සහ ලොරියේ අයිතිකරු මෙම මස 23 දිනදක්වා රක්‍ෂිත බන්ධනාගාරගතකරනලෙස  මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන එල් මහවත්ත  මහත්මිය නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ මාරක රිය අනතුර සිදුකලබවට සැකපිට අත්අඩංගුවටගත් හීනටියන පදිංචිකරුවෙකු බව කියන ඕ එච් වික්‍රමරත්න 37 නැමැත්තෙක් සහ ඔහු අනතුර සිදුකල බවකියන ලොරිරතයේ හිමිකරු වන මහර කඩවත එක්සත් මාවතේ පදිංචි ලලිත් කුමාර නැමති අයෙකි.

දුන්ගාල් පිටිය පොලිස් වසමේ සෙත්තප්පාඩුව ප්‍රදේශයේදී සිදුවූ මෙම මාරක රිය අනතුරින්  තමදියණිය  සමග යතුරු පැදියකින් ජාඇල දෙසට ගමන්කරමින්සිටි  එම ප්‍රදේශයේම පදිංචිවකරුවෙකුවූ  බර්නාඩ් කිංස්ලි ප්‍රනාන්දු 59 නැමැත්තා මියගිය අතර දියණිය බරපතල තුවාල ලබා ඇත

පිටිපන මහලේලමෙන් මාලු පැටවීම සදහා රියදුරු අපරික්ෂාකාරී ලෙස රියධාවනය කරඇති බව පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇතිබවද වාර්තාවේ.

දුන්ගාල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක ජයන්ත මහතා විසින් විමර්ශන සිදුකර සැකකරු අධිකරණයට ඉදිරිපත්කර තිබුණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.