30 C
Negombo
30 C
Negombo

ජනාධිපතිවරණය: “ගෝඨාභයට ජය”

-

2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයගෙන ඇති බව ඔහුගේ පාර්ශවය පවසයි.

මැතිවරණ කොමිසම සම්බන්ධ කටයුතුවලදී ගෝඨාභය රාජපක්ෂගේ ගේ නියෝජිතයා වන ජනාධිපති නීතිඥ අලි සබ්රි බීබීසී සිංහල සේවයට පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගෙන තිබෙන බවය.

“අපි ජනාධිපතිවරණය ජයගෙන තිබෙන්නේ. අපේ ජයග්‍රහණය 100%ක් පැහැදිලියි,” ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ලැබීමට නියමිත මෙම ජයග්‍රහණය “ගෞරවාන්විතව ද නීතිගරුකව” සමරන ලෙස සිය පාක්ෂිකයන්ගේ ඉල්ලා තිබේ.

“අපහාස, අවලාද, තර්ජන, බලහත්කාරකම් අභිබවා ජාතියක් ජයග්‍රහණය කිරීමට කැපවූ ඔබ සියළු දෙනාට අපි හිස නමා ගෞරවයෙන් ආචාර කරමු,” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක ඩලස් අලහපෙප්රුම මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සජිත් ප්‍රේමදාස

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තම පරාජය පිළිගෙන තිබේ.

සජිත් ප්‍රේමදාසImage copyrightISHARA S. KODIKARA
Image captionසජිත් ප්‍රේමදාස

2019 ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂට තම සුභපැතුම් පිරිනමන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තමන්ට ඡන්දය ලබාදුන් සියළුදෙනාට අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම නිවේදනය මගින් සිය ස්තුතිය පළකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ නියෝජ්‍ය නායක තනතුරින් ද වහාම ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස එම නිවේදනයේ සඳහන් කර තිබේ.

සිය ඉදිරි දේශපාලන ගමන ගැන නුදුරු අනාගතයේ දී තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

සෙනසුරාදා (නොවැම්බර් 16) පැවැත්වුණු ජනාධිපතිවරණයේ කොට්ඨාස සහ දිස්ත්‍රික්ක මට්ටමෙන් ප්‍රතිඵල තවමත් නිකුත්වෙමින් පවතී.

ඉරිදා (නොවැම්බර් 17) සවස් යාමයේ නිල වශයෙන් ජයග්‍රාහකයා නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි

BBCSINHAL

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.