29 C
Negombo
29 C
Negombo

හෙරොයින් ගෙනා – ඉරාන ජාතිකයෙකු දිවි ඇතිතෙක් සිපිරිගෙට

-

හෙරොයින්  ආනයනය කිරීම සන්තකයේ තබාගැනීම සහ ජාවාරම්කිරීමේ චෝදනාවලට වරදපිලිගත් ඉරාන ජාතිකයෙකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්  බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 25 දින නියමකරනු ලැබිය.

49 හැවරදී දේහානි  ගෝලම් ගාදර් නමැති ඉරාන ජාතිකයෙකුට මෙසේ සිරදඩුවම් නියමවිය.

2017 අප්‍රේල්  මස 16 දින හෙරොයින් ග්‍රෑම් 1029 ක් තම ගමන්මල්ලේ සගවාගෙන  කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රීලංකාවට පැමිණි මොහු කටුනායක ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රජයේ අධිනීතිඥ ගෙවිදු සෙනවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැමිණිල්ලට සහාය විය   විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් චතුරංග මහතා පෙනිසිටියේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.