හෙට සිට වැසි අඩුවෙයි -කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

-

දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11) දින සිට තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කරයි.

නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75-100 පමණ තරමක තද වර්ෂාපතනයන්ද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50-75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here