31 C
Negombo
31 C
Negombo

මත්තල විකුණා දැමීමට රජයේ සුදානමක් නෑ – ඇමති ප්‍රසන්න රණතුංග

-

මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට රජයේ කිසිදු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (11) උඩුගම්පළදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මත්තල ගුවන්තොටුපලේ කළමණාකාරිත්වය විධිමත් කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා  කළ සදහනක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පරාජිත දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු සිතාමතාම සිදුකරන බොරු ප්‍රචාරයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා වත්මන් රජය  ජාතික සම්පත් විකුණා දැමීමට කිසිසේත් සුදානම් නැතැයි කිවේය.

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් එකක් කියා එකක් කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් රජයට නොමැති බව පැවසූ රණතුංග මහතා වත්මන් ආණ්ඩුව කියන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් බවද කීවේය.

මත්තල ගුවන්තොටුපල මගී හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇතැයි පෙන්වා දුන් රණතුංග මහතා ඉතා කඩිනමින් මත්තල ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද මෙහිදී අවධාරණය කළේය

ප්‍රදීප් අනුරකුමාර

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.