හෙට (22) පළාත් කිහිපයකට තද වැසි

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  මධ්‍යහන 12.00 හට මහජනයා සඳහා නිකුත්කරනලද කාලගුණ අනාවැකියට අනුවඋතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි සහිත තත්ත්වයත් හෙට (22) දිනයේ සිට යළිත් ඉහළ යනු ඇත.

නැගෙනහිර, ඌව,මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 සහ 150 අතර තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත් 100ත් අතර තද වැස ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

පවතින වැසි තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල නාය යෑම් ඇතිවිය හැකි අතර පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව ද  සඳහන්වේ

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරයි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here