මිගමුව වැල්ලවීදිය නව මාළුවෙළද සංකීර්ණය -මිහිපිට අපායක්

මිගමුව වැල්ලවීදිය නව මාළුවෙළද සංකීර්ණය වසරගණනාවක්  තිස්සේ නඩත්තු නොකිරීම නිසා විනාශවෙමින් පවතින අතර මේවනවිට මිහිපිට අපායක් බවට පත්වෙමින් ඇත.

2009.9.19 දින  මෙම මාළුවෙළද සංකීර්ණය විවෘතකරමින් තබා ඇති සමරු පළකයට අනුව ලක්‍ෂ 420 ක් වියදම්කර මිගමුව සංචාරක සම්පත වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙය ඉදිකර ඇත

මේ වනවිට ඉදිකරනලද ගොඩනැගිලි දෙකක් සම්පුර්ණයෙන්ම කඩාවැටී ඇතිඅතර අනෙක් ගොඩනැගිලි සියල්ලම කොයි මොහොතක හෝ කඩාවැටීමේ අවධානමක පවතී.

අප ජලය බැසයාමට සකස්කර තිබී කානු පද්ධතිය සම්පුර්ණයෙන්ම කැඩීබිදී යාමනිසා මත්ස්‍ය ලේ සහ ජලය වෙළද පොලතුල පාලනයකින් තොරව ගලායාම නිසා මෙහි සිටින වෙළදුන් මෙන්මමාළු මිලදී ගැනීමට පැමිණෙන  පාරිභෝගිකයන්ට  දැඩි අසීරුතාවයකට පත්වේ.

අපජලය රැස්කර පවිත්‍ර කර යලිපරිසරයට මුදා හැරීම සදහා සකස්කර ඇති  ටැංකි පද්ධතිය සම්පුර්ණයෙන්ම අකර්මන්‍යව පවතින අතර එම ටැංකි වලින් පිටවන අපවිත්‍ර ජලය නිසා විශාල දුර්ගන්ධයක් මෙන්ම පරිසරය අපවිත්‍ර වීමක්ද සිදුවේ.

මෙම වෙළද සංකීර්ණය තුල  සිටින වෙළදුන් ගෙන් මෙන්ම ඉදිරිපස මහාමාර්ගයේ රැදීසිටින සංචාරක වෙලදුන්ගෙන්   දිනකට රුපියල් 100 සිට 400 දක්වා මුදලක් අයකරනබව අපකල විමසීමකදී වෙළදුන් පැවසිය.

ප්‍රදේශයේ ඇති දේවස්ථානයකට බව පවසමින් මෙලෙස දිනකට විශාල මුදලක් වෙලදුන්ගෙන් එකතුකර ගන්නා බවත් දේවස්ථානය හෝ මිගමුව මහානගර සභාව වසර දහයක් තිස්සේ කිසිදු නඩත්තු කටයුතක් සිදු නොකිරීම නිසා මෙම මසුන් අලවි සංකීර්ණය සම්පුර්ණයෙන්ම විනාශවූ බවට වෙළදුන් චෝදනාකරයි.

අඩුමතරමින් මෙහි සිටින වෙළදුන්ට සහ පැමිණෙන පාරිභෝගිකයන්ට පරිහරණය සදහා වැසිකිලි පහසුකම් හෝ නැතිබවත් සමරුපලකයේ සදහන් පරිදි සංචාරක සම්පත වැඩිදියුණු කිරීම කෙසේ වෙතත් සංචාරකයන්ට මිගමුවේ අප්‍රසන්න  තැනක් බවට මෙම වෙළද සංකීර්ණයපත්වී ඇත.

මෙම වෙළද සංකීර්ණයට වාහන වලින් සහ යතුරු පැදි වලින්   පැමිණෙන  පාරිභෝගිකයන්ගෙන්  වාහන නැවැත්වීමේ ගාස්තුවක් ද අයකරගන්නා අතර මිගමුව නාගරික කොමසාරිස්විසින් ලබාදී ඇති ලිඛිත  තොරතුරු වලට අනුව මිගමුව නාගරික බල ප්‍රදේශය තුල පොදු ස්ථානවල නතරකරන රථවාහන වලින් ගාස්තු අයකර ගැනීමට කිසිවෙකුට අවසර දී නැත.

ඒ අනුව මිගමුව නගරසීමාව තුල පොදු ස්ථානයක නතරකරනු ලබන රථවාහන වලින් වාහන නතරකිරීමේ ගාස්තුවක් අයකරන්නේනම් එය නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමකි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img