31 C
Negombo
31 C
Negombo

වයස 30 යි දවසකට කුඩුවියදම 20000 යි – කොළබ පාරේ ගෙවල් 38කට මහදවල් රිංගයි

-

එක් දිනකදී රුපියල් විසිදහසක හෙරොයින්  පානය කිරීමට ඇබ්බැහිවි ඒ සදහා  අවශ්‍ය මුදල සොයාගැනීමට ගෙවල් 38 ක් බිදින ලද  30 හැවරදී විවාහකයෙකු මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් කොළබ හලාවත මාර්ගයේ මහබාගේ සිට වෙන්නප්පුව දක්වා දිවා කාලයේදී  මෙම ගෙවල් බිදීම සිදුකර ඇත.සැකකරු කුරණ ප්‍රදේශයේ නිවසක් බිදීමට සුදානම් වෙමින් සිටියදී අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල් 45148 පෙරේරා නිලධාරියාට   ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල මුලික විමර්ශන වලින් අනාවරණය වූ තොරතුරු අනුව මහභාගේ වෙන්නපුව කොච්චිකඩේ සිදුව මිගමුව යන ප්‍රදේශ වල ගෙවල් බිදීම් සිදුකර රන් ආභරණ ලැප්ටොප් ජංගම දුරකථන විද්‍යුත්  උපකරණ සොරකම්කර ඇත්තේ නිවෙස් හිමියන් නොමැති  නිවාස දිවා කාලයේවීම විශේෂත්වයකි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු අනුව උකස්කර සහ විකුණා තිබු සොරකම් කරනලද රන් අභරණ ඇතුළු භාන්ඩ රැසක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

දිනකට මත්ව්ම සදහා අවශ්‍ය රුපියල් 20000 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් එකක් පානය කර ඇතිබව කියන  හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු මාතර පිහිටි ඔහුගේ බිරිදගේ නිවසින්ද රන් අභරණ සොරකම් කර විකුණා මත්කුඩු මිලදී ගෙන ඇතිබවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත

වැඩිදුර විමර්ශන සදහා සැකකරුගෙන්  ප්‍රශ්න කිරම සදහා  රදවීමේ නියෝගයක් ලබාගැනීමට කටයුතු කර ඇති  මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයනාත් උප පොලිස් පරීක්‍ෂක චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා යන නිලධාරීන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මිගමුව ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මතසහකාර පොලිස් අධිකාරී රංජිත් කොට්ටච්චි මහතාගේ  අදීක්ෂණයෙන්  මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන වැඩිදුර  විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.